65-earthquake-kills-9-on-Afghanistan-Pakistan-border

අඟහරුවාදා රික්ටර් මාපක 6.5 ක භූමිකම්පාවක් පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශ කැළඹී ගිය අතර, භීතියට පත් නිවැසියන් නිවාස වලින් පලා ගිය බව වාර්තා විය.
 අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස්  සිය ගණනක් තුවාල ලබා ඇත.
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියටද කම්පන දැනී ඇත.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඇෆ්ගනිස්ථානයේ ජුර්ම් නගරයේ සිට දකුණු-ගිණිකොන දෙසින් පකිස්ථානය සහ ටජිකිස්තානයට ආසන්නව කිලෝමීටර 40ක් (සැතපුම් 25ක්) දුරින් වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) අඟහරුවාදා ප්‍රකාශ කළේය.




පකිස්ථානයේ වයඹ දිග Khyber Pakhtunkhwa පළාතේ Swat නිම්නයේ ප්‍රදේශයේ කම්පනයට පත් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් රෝහල් වෙත ගෙන එන ලද බව පකිස්ථානයේ හදිසි සේවා ප්‍රකාශක බිලාල් ෆයිසි ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසීය.

වයඹදිග පකිස්ථානයේ විවිධ ප්‍රදේශවල වහලවල් කඩා වැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගිය බව ෆයිසි සහ අනෙකුත් නිලධාරීහු පැවසූහ. ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ටජිකිස්තානයට මායිම්ව ඇතිවූ භූමිකම්පාවෙන් තවත් සිය ගනනක් තුවාල ලබා ඇත. භූමිකම්පාව හේතුවෙන් කඳුකර ප්‍රදේශ කිහිපයක නායයෑම් සිදුවී ගමනාගමනයටද බාධා එල්ල විය.

වයඹ දිග පළාත් ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශක තයිමූර් ඛාන් පැවසුවේ දුර බැහැර ප්‍රදේශවල අවම වශයෙන් මඩ ගඩොල් නිවාස 19ක් කඩා වැටී ඇති බවයි. “අපි තවමත් හානිය පිළිබඳ දත්ත රැස් කරමින් සිටිමු,” ඔහු පැවසීය.

ප්‍රබල කම්පන නිසා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බොහෝ මිනිසුන් තම නිවෙස්වලින් සහ කාර්යාලවලින් පලා ගිය අතර, ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනයේ වාක්‍ය කියවා ඇත. නගරයේ සමහර මහල් ගොඩනැගිලිවල ඉරිතැලීම් ඇති වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන්  කළේය.