
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි අද (1) පෙරවරුවේ වාර්තාවිය.
ඇය නවාතැන් ගෙන සිටියේ විශ්ව විද්‍යාලයීය මළලසේකර නේවාසිකාගාරයේය. ඊයේ (28) රාත්‍රී ඇයට කිසියම් රෝගී තත්ත්වයක් මතුව ඇතැයි අනෙක් සිසුවියන් දන්වා සිටීමෙන් පසුව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය එම සිසුවිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. ඇයගේ සිරුරට අධිමාත්‍රා ඖෂධ ශරීරගතවීම සම්බන්ධයෙන් ප්‍රතිකාර කර තිබූ නමුත් අද (01) පෙරවරුවේ ඇය මියගොස් තිබෙයි.
ඇය කලක් තිස්සේ ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව රෝග ඉතිහාසය සොයා බැලීමේදී වාර්තාවී ඇති අතර ඖෂධ අධිමාත්‍රාව ලබාගත්තේ කවර හේතුවක් නිසාද යන්න අනාවරණය නොවේ.
මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මදුමාලිකා ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියකවූ සිසුවියෙකි.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇය පැවැත්වූ පුද්ගලික සමාජ සම්බන්ධතා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබෙන අතර
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval