
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ඉල්ලා තමාට එරෙහිව ගොනු කර ඇති සියලුම නඩු කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර එම නඩුවලින් තමා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචනය රුපියල් 21,000ක ගාස්තුවකට යටත්ව ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කළේය.
සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් වින්දිතයින් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 108ක් ගොනු කර තිබෙන අතර ඒ සියල්ලටම මෛත්‍රිපාල සිරිසේන පෙනී සිටිය යුතු විය.
මින් ඉහත එක් නඩුවකින් කෝටි 10 ක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියම කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval