
පිටකොටුව මධ්‍යම බස්නැවතුම් පොළේ වැසිකිළියක මත්කුඩු පානය කරමින් සිටි කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය කොළඹ බස් රථයක සේවය කරන 28 හැවිරිදි කොන්දොස්තරවරයෙකි. මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් හා කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමේ ආවේක්ෂණ රාජකාරියේ නිරත පිටකොටුව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසකට පෙරේදා (19) පස්වරුවේ ලැබුණු තොරතුරකුට අනුව මෙම සැකකරු වැසිකිළිය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු මත්කුඩු පානය කරමින් සිට ඇති අතර, ඔහු සන්තකයේ තිබී මිලිග්‍රෑම් 120 ක තවත් මත්කුඩු පැකට් එකක් පොලිස් බාරයට ගෙන ඇත. මෙම සැකකරු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්නකු බවත්, ලංගම බස් රථයෙන් කුලියාපිටියේ සිට කොළඹ පැමිණ සිටිය දී මෙලෙස මත්කුඩු ලබාගෙන පානය කර ඇති බවද පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval