
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.
'පහුගිය කාලේ එක පැත්තකින් උන්ඩියල් ඉස්සරහට යනවා. එක පැත්තකින් කුඩු ව්යාපාරයට උන්ඩියල් මුදල් ටික යනව අනිත් පැත්තෙන් අරගලයකට සහයෝගය ලබාදෙනව. මොකක්ද මේක සම්බන්ධය.. සම්බන්ධය තමයි ලංකාවට කුඩු ගේන ඒවටත් ගෙවන්න ඕන ඩොලර් වලින් ම යි.
ඔය ගේන ගංජාවලට ගෙවන්නත් ඕන ඩොලර් වලින්මයි. උන්ඩියල් දියුණු වුණා කුඩුවලට ඩොලර් ටික ගියා අන්තිමට ලංකාවේ ලොකුම චෝදනා ලැබ කුඩුකාරයන්ට අරගලයට නායකත්වය දීපු කෙනා තමයි නීතියෙන් පෙනී සිටින්නෙ. අද එතුමා ඇවිල්ලා තමයි කියන්නෙ පොලිස්පති පත් කරන්නේ කොහොමද කියන එක. පැත්තකින් ගිහිල්ලා ලංකාවට කුඩු ගෙන නායකයා වෙනුවෙන් උසාවියට යනවා. අනිත් පැත්තෙන් ඇවිල්ල කියනවා පොලිස්පති පත් කරන්න කියලා. දැන් අපිට තියෙන ප්රශ්නය තමයි හරක් කටා ට ඕන විදිහට ද ලංකාවේ පොලිස්පති පත් වෙන්න ගියා.
නැත්නම් එතුමාගේ පණිවිඩය ද මේ නීතිඥවරු හරහා මේ එළියට එන්නේ කියලා ඒකෙන් අපිට පේනවා මේ අරගලය කුමන්ත්‍රණයක් මේක ඇතුලේ තිබුනේ ලංකාවේ ඩොලර් ටික කුඩුවලට උන්ඩියල් හරහා පිටට යන දේ තමයි මේක සිදුවුනේ තව දුරටත් මේ කුඩු කාරයන්ට ඕන විදිහට පොලිස්පතිවරු පත් කරන නායකයෙක් මේ රටේ නෑ කියලා අපි පැහැදිලිව කියන්න කැමැතියි.'
Comments
Post a Comment
Your comment will be visible after approval