namal-election

තම පක්ෂයට ඉක්මණින් නැවත බලය ලබා ගැනීම සඳහා මේ මොහොතේ කළයුතු හොඳම දෙය ඉක්මන් විපක්ෂයට යැම්
බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාපක්ෂ පාර්ශ්වයේ මතය වී ඇතැයි  දේශපාලන ආරංචි උපුටමින් අනිද්දා පුවත්පත වාර්තාවක් පළ කර තිබේ.
ඒ නිසා පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ ඉක්මණින් පැවැත්විය යුතු බවට ඔවුන් ආණ්ඩුවට බලපෑම් කරමින්
පවතින බවද වාර්තාවේ.

මේ මෙහොතේ ඉක්මන් විපක්ෂයට ගොස් කිසියම් බහුතරයකින් පෙනී සිටීමට හැකි බවටත් ප්‍රමාදවීමෙන් ආණ්ඩු බලයක් හෝ විපක්ෂ බලයක් හෝ ප්‍රමාණවත්ව නොලැබී යළි බලය ලබා ගැනීමට හැකිවන කාලයද එයට සමානව පසුපසට
යැමෙහි අවදානමක් ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් තමන් අන්ත පරාජයක් ලබන බවට වූ ගණන් හැදීමද ඒ සඳහා හේතු වී ඇත. ඔවුන් ගණනය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරුමුණෙන් ඉවත්ව යන බහුතර ඡන්දදායකයන් පිරිස විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට සම්පූර්ණ වශයෙන්ම ඡන්දය නොදෙන බව හා ඉන් අති බහුතරයක් ජාතික යන බලවේගයට ඡන්දය දෙනු ඇති බවය.

ඒ නිසාම ඉදිරි මැතිවරණයකදී ඇතිවිය හැක්කේ තුන් කොන් සටනක් බව හා ඉන් ජයග්‍රහකයා ජයගනු ඇත්තේ සුළු ඡන්ද ප්‍රතිශතයකින් බවත්ය. කල්යාමෙන් එය දෙකොන් සටනක් බවට පත්ව පොහොට්ටුව කැපී යන බව ඔවුනගේ මතයයි.
එසේ හෙයින් දැනට කල් යමින් පවතින පළාත් පාලක ඡන්දය එළඹෙන අගෝස්තු මාසයට පෙර පැවැත්විය යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇතැයිද වාර්තාවේ.