Now-there-are-no-people-who-know-how-to-write-comedy-like-Fast-Food-Johnny-Lever

බොලිවුඩයේ ප්‍රහසන නළුවන් අතර කැපී පෙනෙන පුද්ගලයෙකුව සිටි ජොනී ලීවර් දැන් රංගනයෙන් තරමක් දුරස්ථව වෙසෙයි. කෙසේ වෙතත් 65 හැවිරිදි ඔහු ළඟදීම Disney+ Hotstar හි විකාශය වන ප්‍රහසන වෙබ් කතා මාලාවක් වන Pop Kaun හි දැකගත හැකි වනු ඇති අතර, හින්දි චිත්‍රපටවල හාස්‍යයේ වෙනස්වූ ස්වභාවය ගැන කලකිරීමෙන් යුතුව මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබේ.

80 දශකයේ චිත්‍රපටවලින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජොනී, Baazigar, Roop Ki Rani Choron Ka Raja, Masti, Raja Hindustani, Main Khiladi Tu Anari ඇතුලු චිත්‍රපට කිහිපයකින් අතිශය ජනප්‍රිය විය.

අද විකට නාට්‍යයේ ඔහුට වැඩිපුරම දකින අඩුපාඩුව කුමක්දැයි ඇසූ විට, ඔහු පවසන්නේ එය “ලියවිල්ල” බවයි, අද ලිවීම දුර්වල බවත් එය “කලාකරුවන්ට බරක්”වී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඔහු පැවසුවේ, “ ඉස්සර මිනිස්සු කොමික් චරිතය එනකම් බලාගෙන ඉන්නවා, අදත් මිනිස්සු කොමඩි කරනවා වගේම ෆිල්ම් වල විහිලු කෑලි තියෙනවාට ආසයි. ඒත් මම හිතන්නේ නිර්මාණකරුවන් ප්‍රමාණවත් උත්සාහයක් දරන්නේ නැහැ.. විශේෂයෙන් විකට කොටස් ලිවීමේදී දුර්වල බව පේනවා.
මේ නිසා නරඹන්නා සතුටින් තැබීමේ සියලු පීඩනය සහ බර රඟපාන කලාකරුවා මතයි තිබෙන්නේ.


නමුත් කලාකරුවෙකුට උපරිමයක් තියනවා. යමක් හොඳින් ලියා ඇත්නම්, එය කලාකරුවාට සහයක් එසේ නැතිනම් අමාරුයි. මට අනිවාර්යයෙන්ම තේරෙන දෙයක් තමා හොඳට ලියන ලේඛකයන්, හාස්‍යය ගැන හොඳ දැනුමක් ඇති අය දැන් අඩු බව. ක්ෂේත්‍රෙය් ප්‍රගතියට ඔවුන් වැඩි වැඩියෙන් සිටිය යුතුයි”

ජොනී එදා අද චිත්‍රපටවල එන හාස්‍ය අද ඒවාට සංසන්දනය කළේ “ෆාස්ට් ෆුඩ්” ලෙසයි. “අද ප්‍රහසනය ක්ෂණික ආහාර වගෙයි.. කලින් එය සම්පූර්ණ ආහාරයක්. එය නාටකීයයි. එහි, හාස්‍ය, පරිප්පු, බත්, එළවළු වැනි සෑම දෙයකින්ම සමන්විත වුණා. අද එය හරියට ඔබ පිටතට ගෙන යන ෆාස්ට් ෆූඩ් වගේ. ආහාර තෝරාගෙන ඔබ ඉවරයි කුකුල් මස්, බත් ගත්තා වැඩේ ඉවරයි.
ඇත්තටම දැන් කොමඩි සුපිරි බර්ගර්  අහුලනවා වගේ වෙලා. ඉතින් හාස්‍යය රසවිඳින්න වෙන්නෙත් ඒ වෙලාවට විතරයි.. නළුවා පැවසීය.

දශක තුනකට වැඩි කාලයක් පුරා දිවෙන ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ජොනී චිත්‍රපට 300 කට වැඩි ගණනක රඟපා ඇත. ප්‍රේක්ෂක ආදරය තමා ඉදිරියට ගෙන යන බව ජොනී පවසයි. “මිනිස්සු මාව හඳුනා ගන්න පටන් ගත්තේ 1986 ට පස්සේ.මම මිනිසුන්ගේ හදවත් දිනාගත්තා.
ඒ ආදරයට මම ස්තුතිවන්ත වෙනවා.”  ඔහු පවසයි.