manusha-speaks

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැති රැස්වීමකට සහභාගී වී මෙසේ පැවසීය.

"කාන්‍තාවගේ තියෙන ලාලිත්‍ය සුන්දරත්වය මේ ලෝකේ කොයි තරම් නම් ඉස්සරහට ගෙනියනවද කියලා අපේ සාහිත්‍යකාරයට තේරුනාට අපේ සමාජයට ඒක තේරෙනවා මදි වුණා.

ඇයි කාන්තාව හඳට උපමා කලේ? ඇය ඕනෑම තැනක ජීවනාලිය වෙන නිසා. පුංචිම පුංචි මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවට එහා ගිහිල්ලා, ඡන්ද අයිතිය, වැඩ පළේ අයිතීන්, සමානාත්මතාවයන් ගැන කතා කරන එක තමයි තියෙන්නෙ.



ඇයි අපි කාන්තාව විශේෂයෙන් බලා ගන්න ඕනේ කියලා කියන්නේ? මං එකට විරුද්ධයි. එතනදී අපි කාන්තාව දුර්වලයි කියලා තියෙනවා. ඇය සුවිශේෂීව බලා ගන්න කියපුවාම අපි දුර්වල කරනවා ඇයව. අපේ රටේ කාන්තාවෝ කොයිතරම් දරාගන්නවද කියන එක, පිරිමින්ට ඒ දරා ගැනීමේ ශක්තිය නැහැ. දරුවෝ කෑවේ නැත්තම් වැඩියෙන්ම දුක් වෙන්න අම්මලා. පීඩනය වැඩියෙන් දැනෙන්නේ අම්මලාට.

ඔෆීස් එකෙත් ඒ වැඩ ටික කරලා ආයෙත් ගෙදර ගිහිල්ලා ආයෙත් ඒ වැඩ ටික කරනවා. ගෙදර ඉන්න කාන්තාවට මොනාද තියෙන්නෙ. මොකුත් නැහැ. එච්චර කැපකිරීමක් කරන අපේ කාන්තාව කොයිතරම් ශක්ති සම්පන්නද.

විදේශ අමාතත්‍යංශයේ විදේශ රැකියා කොටසේ කාරණා අපිට මතු වුණා පහුගිය කාලේ. හොර පාරෙන් රටවල් වලට ගියා. කාන්තාවන් බොහොම අනතුරු දායක තත්වයන් වලට ආවා. අපි විවිධ නීති රීති දැම්මා. අපිට ජාවාරම් නතර කරන්න පුළුවන් වුනා."