
කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට කඩා වැදී එහි වෛද්‍යවරයකුගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,50,000ක මුදලක් සහ ජංගම දුරකථන තුනක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ කොල්ල කල්ලියක සිවුදෙනකු පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි. සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සහ පිහියක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් සිවුදෙනා ඉකුත් 25 වැනිදා රාත්‍රී 8.00 පමණ මෙ වෛද්‍ය මධ්‍යස්ථානයට කඩා වැදී එහි හිමිකරු වන වෛද්‍යවරයාගේ ගෙලට පිහියක් තබා කොල්ල කෑ බවට වෛද්‍යවරයා කඩවත තර්ජනය කර මුදල් හා ජංගම දුරකථන පොලිසියට එදින රාත්‍රියේම පැමිණිලි කර තිබේ.
සැකකරුවන් වාහන කුලියට දෙන ස්ථානයකින් මෝටර් රථයක් කුලියට ගෙන විවිධ කොල්ලකෑම්වල නිරත වන කොල්ල කල්ලියක් බව ද පොලිසිය පවසයි. දීර්ඝ විමර්ශනයකින් පසුව ඔවුන් සම්බන්ධයෙන් හෙළිකරගත් තොරතුරු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් කොස්සින්න, ගණේමුල්ල, වැලිවේරිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 49, 34, 32, 27 යන වයස්වල පසුවන පුද්ගලයන් බවත් ඔවුන් සියලු දෙනාම මත්කුඩු වලට තදින්ම ඇබ්බැහිව සිටින්නන් බවත් පොලිසිය සඳහන් කරයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval