
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරඟයේ 5 වන දිනයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 2කින් ජය ගත්තේය.
දිවා ආහාරයෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තරගයට බාධා එල්ල වී තිබු අතර නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 බිඳ වැටී ලකුණු 285 ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 355ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 373ක් ලබා ගැනීමට සමත් විය.
දෙවන ඉනිමේ දි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ක් ලබා ගත් නිසා ලකුනු 285 ක ඉලක්කයක් නවසීලන්තයට යොමු විය. ඔවුහු එය පසුකර ජයගත්හ.

Comments
Post a Comment
Your comment will be visible after approval