
හිටපු කථානායකවරයකුහිටපු අමාත්‍යවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා සිය නිවසේ දී අද අභාවප්‍රාප්ත විය.1941 සැප්තැම්බර් 15 වන දින උපත ලද ඒ මහතා මියයන විට 82 වන වියේ පසුවුණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානයකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරාට දීර්ඝ දේශපාලන ඉතිහාසයක් තිබේ.
1964 සිට 1976 දක්වා ජා ඇල ආසනය නියෝජනය ඒ මහතා සභාපති ධුරය ඇතුළුව තනතුරු කිහිපයක් දැරීය. 1970 සිට 1977 දක්වා ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ එතුමා 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවද නියෝජනය කළේය.
එතැන් සිට 2005 දී අගෝස්තු 17 වැනිදා දක්වා මන්ත්‍රී වරයෙකු වූ ඔහු අමාත්‍යවරයෙකු හා කතානායක වරයෙකු ලෙස තනතුරු රැසක් දැරීය.
Comments
Post a Comment
Your comment will be visible after approval