
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වැඩවර්ජනයක් නිසා තෙල් නිකුත් කිරීමේ කටයුතු අඩල වී තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට අයත් කොළොන්නාව නිමාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) දහවල් අත්හිටවනු ලැබිණි.
ඛනිජ තෙල් පොදු සේවක සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කළේ, මෙම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ඉහළ ආදායම් තත්ත්වයක් ඇති ඉන්ධන පිරවුම්හල් 600ක් පමණ විදේශිය සමාගම් 4කට ලබාදීමට එරෙහිව හා සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ, ඊයේ (27) උදෑසනයි.
මේ අතර වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද (28) බලධාරීන් සමග සාකච්ඡාවක නිරත වූ අතර එය අසාර්ථක වීමෙන් පසු වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඛනිජ තෙල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ අද (28 ) පස්වරුවේ දිගු පෝලිම් දක්නට ලැබුණි.
කෙසේ වෙතත් අද උදේ බෙදාහැරීම් සියයට 80 ක් පමණ සිදුවූ නිසා තෙල් හිඟයක් පිළිබඳ කලබලවීම අනවශ්‍ය බව බෙදාහැරීම් අංශ පවසා තිබේ.
අත්‍යවශ්‍ය සේවා විධිවිධාන යටතේ වැඩවර්ජකයින් සම්බන්ධ පියවර ගන්නා බව ඇමතිකංචන විජේසේකර මේ ගැන ප්‍රතිචාර දක්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval