
කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ යටියන්තොට ඉංගිරියවත්ත ප්‍රදේශයේදී පසුගිය සඳුදා ගැබිනි මවක හා දියනියක ගමන් කළ ත්‍රීරෝද රථයක් සහ කුඩා වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පස් හැවිරිදි දැරියක් මිය ගියාය.
රථයේ සිටි ගැබිණි මවගේ කුස තුළ සිටි බිළිඳා මිය ගොස් ඇය බරපතල තුවාල ලබා තවම රෝහල් ගතව ප්‍රතිකර ලබයි. ත්‍රීරෝද රියදුරුද මින් තුවාල ලැබිණි.මෙම අනතුර සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් සහ ඥාතීන් මියගිය දැරියගේ අවසන් කටයුතු සිදුවූ අද සවස දේහය රැගෙන කොළඹ හැටන් මාර්ගය ඉංගිරිය වත්ත ප්‍රදේශයට ගමන් කිරීම අවහිර කරමින් විරෝධතාවක නිරත වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන බවට පොලීසිය ලබාදුන් පොරොන්දුවත් සමග විරෝධතාව අවසන් වී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval