godigamuwa-power-protest

මේ දිනවල දිවයිනේ ස්ථාන ගණනාවක වැඩිවූ විදුලි බිලට එරෙහි ව ජනතා විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒ සදහා සහභාගී වන අය පන්දම් අතැතිව සන්ධ්‍යා කාලයේ විරෝධතාවල නිරතවනු දැකිය හැකි විය.
ගම්පහ, දිවුලපිටිය, ගොඩිගමුව නගරයේ දී මෙම විරෝධතාවයක් පවත්වද්දී මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි.


විරෝධයට සැරසෙද්දී ප්‍රබල දේශපාලනඥයකුගේ ලේකම් වරයකු බව කියන පුද්ගලයකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් පැමිණ ප්‍රහාරය එල්ල කළ බවත් තමන්ගේ විරෝධතාපුවරු හා පන්දම් දැල්වීමට ගෙනා භූමිතෙල් කෑන් ද මෙහිදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගිය බවත් ඔහු පවසයි. මේ නිසා එක් විරෝධතාකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ඔහු පවසයි.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ දිවුලපිටිය ජනතා නාදය සංවිධාන මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
පහර කෑමට ලක්වූ අයෙකු සදහන් කළේ රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ ගොලයින් දෙන්නෙකු තමාට මැර ප්‍රහාරය එල්ල කළ බවයි.
අදාළ වීඩියෝව පහතින්