පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි අද දින පුවත්පත්වල දැන්වීමක් පළකරමින් මහ බැංකුව දන්වා ඇත.

Fast 3Cycle International Pvt Ltd, Sport Chain App, Sports Chain ZS Society Sri Lanka සහ OnmaxDT යන ආයතනවලට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක් සිදු කර එම ආයතනවල අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83(ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කළ බව මහ බැංකුව එහිදී දන්වා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව  පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ක් බැවින් ඒවාට එරෙහිව අපරාධමය නඩු පැවරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් දන්වා ඇත.
1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝණය කරමින් මෙම තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බව මහ බැංකුව දන්වා ඇත.
අදාළ පුවත්පත් නිවේදනය පහතින්