
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරැන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මැතිවරණය දින නියමයකින් තොරව කල්දැමීමට තීරණය කර තිබේ.එළඹෙන අප්‍රේල් 25 වන දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය ඒ අනුව එදින පැවැත්වෙන්නේ නැත.
මෙලෙස මැතිවරණය පවත්වන දිනය මුලින් මාර්තු 09 ලෙසත් දෙවනුව අප්‍රේල් 25 ලෙසත් කොමිසම තීන්දු කළද මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නිලධාරීන්ගේ අඩු උන්නදුව , අවස්ථා මගහැරීම්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු උල්ලංඝනය කිරීම් ආදී විවිධ බාධක මැද මැතිවරණයට දින නියමයක් කරන්නට බැරිවන තැනට වැඩ සිදු කර තිබුණි.දේශපාලන බලය රැකගැනීමේ අවාසිදායක තත්වය රජයේ තීන්දු ක්‍රියාත්මක කිරීමට බලපෑවේය.
මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය පිළිබද නිශ්චිත තීන්දුවකට එළඹීමට නොහැකි වු බව අවසානයෙහි කොමිසම අද නිවේදනය කළ අතර අද සාකච්ඡාවේදී එළැඹි තීරණ විශේෂ නිවේදනයකින්ද ප්‍රසිද්ධ කර ඇත.
එකී නිවේදනය මේ සමග පළවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval