
මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවෙසක ඇති වූ ආරවුලක් හේතුවෙන් සිය පුතා විසින් ක්‍රිකට් පිත්තකින් පහරදී පියා ඝාතනය කර ඇතැයි කාත්තන්කුඩි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු වන ඔහුගේ 32 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රාජ්‍ය බැංකුවක විශ්‍රාමික කළමනාකරුවකු වන පෙරියපුල්ලේ කරුණෙයිරා (65) නැමැති පුද්ගලයෙකි. සිද්ධිය වූ ඉකුත් 16දා පස්වරුවේ පියා සහ පුතා අතර නිවසේ ඇති ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු ක්‍රිකට් පිත්තකින් සිය පියාගේ හිසට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පියා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දින 4 ක් ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (21) මිය ගොස් තිබිණි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කාත්තන්කුඩි සිද්ධිය පොලීසිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval