damitha-speaks-sajith-susantha

පසුගියදා ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ අසනීප තත්වයන්ට උදව් උපකාර කරන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දමිතා, පේෂල හිරුණිකා ඇතුළු පිරිසක් එතුමියගේ නිවසට යාම හා ආධාර ලබාදීම ඇතැමුන්ගේ විවිධ කථාබස් වලට හා විවේචනයන්ට හේතුවී ඇත. එම පසුබිමේ ඊට සහභාගීවූ සහෝදර නිළි දමිතා අබේරත්න ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කර තිබේ. ඇය මෙසේ කියන්නීය.


මං දමිතා අබේරත්න..බොහොම ස්තූතියි .. සාමාන්‍යයෙන් අපේ සමාජයේ අද හොඳ යට ගිහිල්ලා නරක ඉහළට එනවා.
 අපි හොඳ අගය කරන්න ඕන..ස්තුති පූර්වක වෙන්න කළගුණ දක්වන්නට ඕන..
 මම මං හිතනවා කාටහරි උදව් කරන්නෙ ෆේස්බුක් ගිනුමක දාන්න හරි යූටියුබ් දාන්න හරි  නෙමේ. මට youtube තිබුන් නෑ ..ඇත්තටම සුසන්තා අක්කා ගැන මට කෝල් කරල කිව්වේ පේෂළ මල්ලි එයාට සුසන්තා අක්කට මෙහෙම කරදරයක් කියලා කියලා තිබ්බේ අපේ හිරුණිකා.

කලාකරුවෙක් වෙනුවෙන් තමයි ඒ පණිවිඩය මට දුන්නේ.. සෙනසුරාදා හවස.. මම ඇත්තටම මේ යූටියුබ් එහෙම බලන්නෑ හේතුව හරිම කුණු විකුණන සමාජ මාධ්‍ය ජාලා ගොඩක් බිහිවෙලා තියෙන්නෙ කුණු රස තවත් බලලා විඳින්න තරම් පහත් මානසිකත්වයක් මට නෑ ඉතින් මං කියන්නේ මේ රටේ මිනිස්සු මේ කුණු රහ විදලා සතුටු වෙන්න එපා .. ප්‍රචාරය වුණ බොහෝ ඒවා තනිකර බොරු
 
පේෂළ කතා කරපු කිසා මට හිතුණ  හොයලා බලන්න හිරුණිකා කතා කළා කිව්ව නිසා සුසන්තා අක්කට මේ වෙච්ච දේ ඇත්තක් වෙන්න පුළුවන් හොයලා බලන්න මං ගොඩක් කෝල් කරා ඒත් උත්තර ලැබුනෙ නැහැ.



පහුවෙනිදා දවල් එකට තමයි සම්බන්ධ වුනේ. මගේ කෝල් දැකලත් සුසන්තා අක්කා මට ගන්නෙ..මට සනීපනැති කෙනා ෆෝන් එකේ දිගටම රැදිලා ඉන්න ඇරියෙ නෑ .. මම කතා කළා මට ඉතාම ඉක්මනින් මට දොස්තර මහතා නිර්දේශ කරපු prescription එක එවන්න මං එක සජිත් මහත්තයට කියල අක්කගෙ බෙහෙත් ටික හරි.. බෙහෙත් වලින් පොඩි ප්‍රමාණයක් හරි අරන් දෙන්න උත්සහ කරන්නම් කියලා කිව්වා.
මට කිසිම අදහසක් තිබුන් නෑ මං මොකක්ද කරන්නේ කියලා මම සෙනසුරාදා හවස ම සජිත් මහත්තයට ඒකඇරියා සර් මෙන්න මෙහෙම මගේ පවුලෙ කෙනෙකුට කරදරයක් මගේ පවුලෙ කියලා මහා අදහස් කරන්නේ කලාව ඉන්න සියලු දෙනාම ඒ මගේ පවුල වගේ නිසා.

මගේ ගෙදර මගේ අම්මයි හැරුනහම මගේ දෙවැනි පවුල මගේ කලා පවුල හිතින් කලා පවුල් තමයි මට ලොකුම  ඉතිං ඒ නිසයි ඒ පවුලේ කෙනෙක්ට කරදරයක් වෙලා කියලා මම මැසේජ් එකක් දැම්මා
 සජිත් සර් මට කියලා එව්වා දමිතා එතුමියට කතා කරලා දොස්තර නිර්දේශය එවන්න අපි ඒ අනුව කරන්න පුළුවන් උදව්වක් කරන්න උත්සාහ කරමු කියලා.
ඒ වචනයම ශක්තියක් වුණා. පහුවෙනිදා මම දොස්තර මහත්මයා ගේ prescription එක යැවුවම මට රිප්ලයි එකක් තිබ්බා මං හිතනවා මේ වගේ අර නිහතමානී මනුස්සයෙක් රටක නායකයෙක් වෙන්න පුළුවන් නම් මේ රටේ අය ඉතාම වාසනාවන්තයි කියලා.
 ඒ වගේ සංවේදී නිහතමානි ඕන කෙනෙකුගේ මෙසේජ් එකකට රිප්ලයි කරන මනුස්සයෙක් තමා අපට අවශ්‍ය.

එහෙම සංවේදී හිතක් තියෙන මනුස්සයෙක් අනිවාර්යෙන් කලාකරුවෙක්ට එහෙම සංවේදී හිතක් තියෙනවා ඒ සංවේදී කෙනෙකුට වෙච්ච කරදරේක එතුමා එහෙම මූලිකත්වය ගත්තේ එකට සදාකල් මම ණයගැතියි.
 මේ මුළු සමස්ත කලාවට කරපු දීපු ගෞරවයක් කියලා මං විශ්වාස කරන එතුමියගේ ජීවිතේ බේරගන්න ට මට මං සෙනසුරාද මැසේජ් එක දැම්ම ඉරිදා මම prescription එක දැම්මා මට අඟහරුවාදා උත්තරයක් ලැබුනා දමිතා මේ වැඩේ අපිට කරන්න පුළුවන් අපි එතුමියගේ ජීවිතය බෙරගමු.. කිව්වා.
මට දැනුත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා ඒ කතාවට..
 මට ජීවිතේ මෙහෙම හැඟීමක් ඇවිත් නැහැ.දෙයියනේ මට මේ ජීවිතයේ පුරාවටම මම කලාකරුවෝ බොහෝ දෙනකුට පිහිට වෙච්ච කෙනෙක් මම කවදාවත් ෆේස්බුක් දාලා පිහිට වෙලා නෑ..


 මට  පුලුවන් වුනා එක හුස්මක් රැකගන්න.. ගොඩක් හුස්ම  දකින්න අපිට බැරි වුණා ඉතින් ඒ අපිට එහෙම ශක්තියක් තිබුණේ නැති නිසා මට හිතුණා..මම සජිත් මහත්තයට කිව්වා එයා වෙන පක්ෂෙක හිටිය..ඒවා වැඩක් නෑ අපි මනුස්සයෙක් විදිහට පිහිට වෙමු පාට පක්ෂ නෙමේ අපි මනුස්සයෝ වෙමු අපි පුළුවන් දෙයක් කාට හරි කරමු කියලා
කලාකරුවෙකුට මාසෙට අපිට නිශ්චිත වැටුපක් නෑ ..ඉතින් ඒ නිසාම අපි වැඩක් කරොත් තමයි අපිට මුදලක් අතට ලැබෙන්නෙ.. ඉතින් මේ රට මේ අද මෙතනට පත් කරපු අය හිතුවේ ඒ අයට වැඩ කරපු කලාකරුවෝ ගැන විතරයි.. මේ වෙලාවේ මේකයි සියලු කලාකරුවන්ට මම කියන්නෙ අපි එහෙම නෙමෙයි හිතන්න ඕනි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනනෛ එහෙම හිතන කෙනෙක් නෙමෙයි තමුන්ට වැඩ කරන අයට විතරක් පිහිට වෙන්න ඕන තමුන්ට උදව් කරේ නැති අයට අපි බලන්න හොඳ නෑ කියල හිතන මනුස්සයෙක් නෙමේ එතුමා.. එයා කියන්නේ දමිතා අපිට පාට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලුම කලාකරුවන්ට හුස්ම ගන්න පුළුවන් වේදිකාවක් හුස්ම ගන්න පුළුවන් බිමක් හුස්ම ගන්න පුලුවං මහපොළොවක් හමදු.. මේ රටේ ජීවත්වෙන සියලුම මිනිස්සුන්ට මේ රටේ බදු බරෙන් ඒ මිනිස්සුම නිදහස් කරලා මිනිස්සුන්ට හුස්ම අරං තමුන්ගේ පවුල් නඩත්තු කරන ලස්සනට ජීවත්වෙන්න පුළුවන් කම ඇති කරමු කියලා.

 මං එතුමාගෙන් ඇහුවා මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබතුමාට ජාති ජාතිත් පිං මම මං වෙනුවෙන් දෙයක් නෙමෙයි ඉල්ලුවේ සමස්ත කලාවටම තුමා කල උපහාරයට පින් කියලා..
 එතුමා ඇවිල්ලා මෙහෙම දෙයක් මට කිවුවා දමිතා.. මට නෙමේ මගේ අම්මට මගේ නංගිට මගේ බිරිඳටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා කියලා ඔයාගේ කටින් කිව්වොත් ඒ මට ඇති මං වෙනුවෙන් වෙන මුකුත් ඕන්නෑ ..සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ඇහුවා මොනාද ඉදිරියේදී කරන්න ඕන කියලා එතුමා කිව්වා මුකුත් කරන්න එපා ඔබතුමිය නිදුක් නිරෝගී වෙලා වෙනදා වගේම ආයි වැඩ කරන්න පුලුවන් මනුස්සයෙක් වෙලා ඉන්න කිව්වා.
 මට වෙන මුකුත් එපා කිව්ව ඉතින් ඒ කතාව අවංකවම මං කියන්න... මේ කියන ඒවට මට මේ කියන ඒවටත් අපහාස කරල මඩ ගහන අය ඉඳි. හැබැයි මොන අපහාස කරත් ඇත්ත කියන්න බිම ඉඳ ගන්නයි  මම බය වෙන්නෙ නෑ..“