The-death-of-the-baby-trapped-in-the-bed-fence-shook-a-Badulla-village

බදුල්ල ප්‍රදේශයේ මස්පන්න ගම්මානයේ නිවසක ඇඳක් වටා සවිකර තිබු ලී වැටකින් එළියට යන්න උත්සාහ කර ඇතිවූ සිරවීමෙන් මාස හතක බිළිඳියක මියයාමේ සිදුවීමක් වාර්තාවී තිබේ.
මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි හර්ෂනී මධුෂිකා නැමැති වයස මාස හතක බිළිඳිය පසුගිය 23 වන දින මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව දිවියෙන් සමුගත්තාය.
බිළිඳියගේ මව නිවසේ වැඩ කටයුතු වල නිරතව සිටි බවත් ආරක්ෂිත වැට තිබෙන නිසා බිළිඳිය ගැන බලන්නට තරමක් පමාවූ බවත් කියා ඇති අතර වැඩ නිමවා දරුවා නිදා සිටි ඇඳ ළගට පැමිණෙන විට දරුවා ඇඳ වටා තිබෙන ලී වැටේ පතුරුවල සිරවී අපහසුවෙන් සිටි අයුරු දැකගන්නට ලැබී ඇත. එයින් මුදවාගෙන ඌවපරණගම වැවේගම රෝහලට ගෙන ගිය නමුත් ඒ වනවිටත් බිළිඳිය මියගොස් සිට ඇති බව රෝහල දන්වා තිබේ.


නිවසේ ඇදෙන් වැටෙන්නට යද්දී ආවරණ ලී වැටේ සිරවීමෙන් බිළිඳිය මියගොස් තිබෙයි.
දරුවා සම්බන්ධයෙන් නිවැසියන්ගේ නොසැලකිල්ල මත මරණය වාර්තාවී ඇත.
මෙම අවාසනාවන්ත මරණය ගමක්ම කම්පාවට පත් කර තිබේ.
මියගොස් සිටි දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ  කටයුතු සදහා දියතලාව මුලික රෝහලට යොමු කර තිබෙන අතර ඌවපරණගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.