bandula-pitipana-jeering

හෝමාගම පිටිපන හන්දියේ ඉදි කිරීමට යෝජිත අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුවට මුල්ගල තැබීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැමිණි අවස්ථාවේදී ඔහුට හූ කී පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වූයේ පසුගිය සෙනසුරාදාය.


මෙම පුද්ගලයා  හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින්
යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින්  තිබීණි.

උත්සවයට අමාත්‍යවරයා පැමිණ සිටිනු දුටු සැකකරු ඔහුට හූ කියමින් විරෝධය පළ කර ලොරි රථයකින් වේගයෙන් පලාගොස් තිබූ අතර පොලිසිය ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඔහු හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදා හැරියාය.සැකකාර පුද්ගලයා රාජපක්ෂ මුදියන්සේලාගේ උඩගෙදර චමින්ද දර්ශන (42) නමැති හෝමාගම පිටිපන උතුරේ ව්‍යාපාරිකයෙකි.

අමාත්‍යවරයාට සමච්චල් කිරීම, ආගමික උත්සවයකට බාධා කිරීම, වන්දනාමාන කිරීමේ අයිතිය කඩ කිරීම යන චෝදනා මත ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

නඩුව අගෝස්තු 24 වැනිදාට කල් තැබිණි.