
බණ්ඩාරවෙල වතු නිවාස පේලියක ඊයේ (19) රාත්‍රී 8 ට පමණ සිදුවූ නායයාම් තත්වයක් හේතුවෙන් තිදෙනෙකු අතඅරුදන්ව ඇති අතර 7 දෙනෙක් තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් 5 දෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවත් වාර්තාවේ.
බණ්ඩාරවෙල පුනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවක් සමඟ ඊයේ රාත්‍රී මෙම නායයාම සිදුවිය.
ප්‍රදේශයේ වතු නිවාස රැසකට දැඩි හානි සිදුව ඇත. වෙළෙඳ සැලක් හා වතු නිවාස තුනක් මේ වන විට සම්පුර්ණයෙන් විනාශ වී ඇත.
අවතැන්වූ පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval