
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ II පර්යන්තයට ව්‍යාජ බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් දුන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු ගුවන්තොටුපල පොලිසිය විසින් ඊයේ (25) ප්‍රශ්න කිරීමට ලක් විය.
එම පාසල් සිසුවා ඊයේ (25) BIA හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී පර්යන්තයේ ඇති බෝම්බයක් පිළිබඳව ඔවුන්ට පවසා ඇත.
නිලධාරීන් පර්යන්තය පරීක්ෂා කරන විට සිසුවා විනාඩි කිහිපයකින් නැවත ඇමතුමක් ලබා දී බෝම්බ තර්ජනයක් නොමැති බවත් එය විහිළුවක් බවත් දන්වා තිබේ.
පොලිසිය කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ගැටවරවියේ පාසල් සිසුවා කැඳවා ඔහුගේ ඇමතුම ලබාදීම ගැන විමසා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් පවතින බරපතලකම ගැන නොතේරුණ බවත් ප්‍රතිවිපාක නොදැන සිටි බවත් සිසුවා ප්‍රකාශ කර තිබේ.
ක්‍රියාවේ බරපතලකම කියාදීමෙන් පසු සිසුවාට දැඩි ලෙස අවවාද කර පොලිසිය ඔහුව නිදහස් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval