Don-t-adviseanyone-aboutotherpeople-schildren-RaniMukherjee

Mrs Chatterjee vs Norway නමැති නවතම චිත්‍රපටයේ කුඩා දරුවන්ගේ මවක ලෙස රඟපෑමෙන් දායක වන සුපිරි බොලිවුඩ් නිළි රාණි මුඛර්ජි එහි ඇය රඟපාන චරිතය හා තමන්ගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් අතර සම්බන්ධය ගැන අදහස් පළ කර තිබේ.

රාණි මුඛර්ජි චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා සමග 2014 දී විවාහ විය. ඔවුන්ගේ එකම දියණිය අදීරා සාදරයෙන් පිළිගත්තේ 2015 දී ය. Mrs Chatterjee vs Norway චිත්‍රපටය තම දරුවා සමග සැබෑ ජීවිතයේ සිදුවීම් වලින් ආභාසය ලබා ඇති බවත් නෝර්වේ රජයට එරෙහිව ඇගේ දරුවන් ආපසු ලබා ගැනීමට සටන් කළ මවක් වන සාගරිකා චක්‍රබෝර්තිගේ ජීවිතය පදනම් කර ගෙන ඇති බවත් ඇය කියයි.
චිත්‍රපටයේ පෙනී සිටින බොලිවුඩ් නිළි රාණි මුකර්ජි ඇගේ හත් හැවිරිදි දියණිය අදීරා ඇති දැඩි කිරීම ගැන කතා කළාය.

තමාගේ හෝ ඇගේ දියණියගේ හැදී වැඩීම ගැන සොයා බලන්නට කිසිවෙකු විනිශ්චය කිරීමට තමා නොඉවසන බව පැවසූ රාණි, එසේ කරන අයට  අනතුරු ඇඟවූවාය. රාණි අදීරා ගැන දැඩි ලෙස ආරක්ෂාවක් සලසා ඇති අතර, පුවත්පත්වලට හෝ පැපරාසීන්ට ඇයගේ ඡායාරූප ගැනීමට හැමවිටම ඉඩ නොදීමට වග බලා ගෙන ඇත.

මවක් තම දරුවාට දෙන හොඳම දේ කුමක්දැයි දන්නේ කෙසේදැයි රාණි පැහැදිලි කරමින් “අනෙක් මව්වරු තම දරුවාට කරන දේ නිවැරදි නොවන බව මට හැඟෙන්නට පුළුවන. නමුත් විනිශ්චය කිරීමට අප කවුද? ඒ වගේම මම අද ඒක දන්නේ මම මගේම දුවව ඇති දැඩි කරන නිසා.ඒනිසා ඒ අත්දැකීම් තමන්ටම ලැබෙන තුරු ඉවසිය යුතුයි. අනුන්ගේ දරුවන් ගැන කිසිවෙකු උපදෙස් දෙන්න යන්න එපා'  කීවාය.
'මොකද මගේ දරුවා වෙනුවෙන් හරියටම කරන්නේ කුමක්දැයි මම දනිමි, මගේ දරුවාට හොඳම දේ කුමක්දැයි මම මගේ හදවතින්ම දනිමි, මම ඇය සමඟ සම්බන්ධ වී සිටින නිසා අදීරා වෙනුවෙන් කළ යුතු දේ මම දනිමි. මගේ පෙකණි වැල කැපුවත් මම මගේ දරුවාට සම්බන්ධයි. මම මගේ අම්මාගේ මතයවත් ගන්නේ නැහැ, මොකද මගේ දරුවාට හොඳම දේ මම දන්නවා.' රාණි පැහැදිලි කළාය.
Mrs Chatterjee vs Norway චිත්‍රපටය මාර්තු 17 වැනිදා සිනමාහල්වල නිකුත් කිරීමට නියමිතයි.