1-year-celebration-aragalaya

මීට වසරකට පෙර 2022 මාර්තු31 වනදා හිටපු ජනපති ගෝඨාභයට රාජපක්ෂගේ නිවස පිහිටි මිරිහාන පැගිරිවත්ත පාර දෙසට මහජනතාව ගමන් කොට පසුව විශාල විරෝධයක් හා බස් රථ ගිනිතැබීමක් ඇතුළු සිද්දි ගනනාවක් වාර්තා විය. අනතුරුව පසුදින සිට ඇඳිරි නීතිය පනවා විරෝධතා මර්දනයට එවක ජනපති පියවර ගත් අතර මාසයක් දෙකක් පුරා අරගලය ව්‍යාප්තවූයේ ඒ සිදුවීමත් සමගිනි.
අද එකී සිදුවීමට වසරක් පිරුණ දවසේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල අරගලකරුවන් පිරිසක් අද (31) සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කර තිබුණි.


අද පස්වරුවේ පිරිස එහි පැමිණි විරෝධතාව ආරම්භ කළ පසුව පොලීසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගත්තේ කිසිදු හේතුවකින් තොරවය බහින්බස්වීමකිනි. මෙම පිරිස අතර රූපවාහිනියට කඩාපැන්න බවට චෝදනා ලද දනිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර ද විය.
 උණුසුම් තත්ත්වය හමුවේ විශාල පොලිස් කන්ඩායම් සමග පොර බැදීමට විරෝධතා පිරිසට නොහැකිවූ අතර
එම අවස්ථාවේදී අරගලකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අරගලකරුවන්ව නුගේගොඩ ගුවන් පාලම දක්වා පළවාහැරීමට පොලීසිය කටයුතු කර තිබුණි.
පැය කිහිපයකට පසු දනිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර නිදහස් කර තිබුණි.