
සැකකාරිය එම කාර්යාලයේ තේ සෑදීම හා ශුද්ධ පවිත්‍ර කටයුතුවල නිරත 63 හැවිරිදි කම්කරු කාන්තාවක බව පොලිසිය පවසයි.
මෙම කාර්යාලයේ දිනකට රුපියල් ලක්ෂ 30-40 ක මුදලක් එක්රැස් වන බවත්, ඒවා සේප්පුවේ තබා ඇති බවට සැකකාරිය ඇගේ 54 හැවිරිදි අනියම් පෙම්වතාට කළ දැනුම් දීමකට අනුව එම සැකකරුගේ දැනුම් දීම මත ඔහුගේ මිතුරකු මෙම සොරකම සිදුකර ඇති බව ද පොලිසිය කියයි.
සැකකාරියගේ අනියම් සැමියාගේ මිතුරා තවත් සැකකරුවන් තිදෙනකු සමග ඉකුත් 14 වැනිදා අලුයම ත්‍රිරෝද රථයකින් මෙම කාර්යාලට පැමිණ ඇති අතර, එක් සැකකරුවකු අවට ඔත්තු බලමින් සිටියදී සැකකරුවන් දෙදෙනකු එහි ජනේලයකින් කාර්යාලය වෙත ඇතුළු වී ඇති බව ද පොලිසිය කියයි. සැකකරුවන් මුදල් සොයා එහි තෙමහල් ගොඩනැගිල්ලේ සැරිසරා ඇති බවත්, එහි සේප්පුව ඔවුනට විවෘත කර ගැනීමට නොහැකි වීම නිසා ප්‍රධාන නිලධාරිනියගේ ලැප්ටොප් පරිගණකය සහ සී.සී.ටී.වී. කැමරා උපකරණ (ඩී.වී.ආර්.) ගලවාගෙන පලාගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය එම මාර්ගයේ සී.සී.ටී.වී. කැමරා 100 ක් පමණ පරික්ෂා කර සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන කිරුළපන ප්‍රදේශයේ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්විය. ඔහුගෙන් හෙළි වූ තොරතුරු අනුව සෙසු සැකකරුවන් තිදෙනා භා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කාර්යාලයේ තිබී සොරාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ කැමරාව සැකකරුවන් දෙදෙනකුගේ නිවෙස්වල තිබී පොලිසිය සොයාගෙන ඇති අතර, ඩී.වී.ආර්. යන්ත්‍රය කිරුළපන ප්‍රදේශයේ ඇළකට දමා තිබිය දී පොලිසිය ඊයේ සවස සොයාගෙන ඇත.සැකකරුවන් සහ සැකකාරිය කිරුළපන හා වැල්ලවත්ත අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි. මෙම සොරකම හේතුවෙන් ඉකුත් 15 වැනිදා සිට වීසා මධ්‍යස්ථානය දින 5 ක් පුරා වසා දමා තිබූ අතර, පසුගිය 20 වැනිදා එය යළි විවෘත කර තිබුණි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval