
අද (22) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් දමා තිබෙයි.
පිළිතුරු පත්‍ර ඇගයීම් කල් දැමීමට හේතුව ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් අයැදුම් නොකිරීම බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
වර්තමානයේ පවතින ප්‍රවාහන වියදම් ආහාර වියදම් වලට සාපේක්ෂව ඇගයීම් සඳහා ලබා දෙන දීමනා ප්‍රමාණවත්නොවීම මත ගුරුවරුන් මෙම කටයුත්තට අඩු උනන්දුවක්දක්වා ඇතිඅතර දීමනා පිළිබඳ ගැටලුවක් මත අයදුම් කිරීම් අඩුව තිබූ බව හෙතෙම පැවසීය.
පිළිතුරු පත් ඇගයීමේ දීමනා ඉහළ නංවන ලෙස කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇතිබවත් ප්‍රශ්නය විසඳන්නට ඉක්මනින් යොමුවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කලේය.
Comments
Post a Comment
Your comment will be visible after approval