
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් තමන්ට අසභ්‍ය වචන භාවිතා කළේ යැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය කතානායකවරයා වෙත පැමිණිලි කර තිබේ.
පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සරසවි සිසු විරෝධයක් අතරතුර ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇතිවූ සංවාදයක දී අමාත්‍යවරයා අසභ්‍ය වචන භාවිතා කලේ යයි ඇය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
කතානායකවරයාට ලිපියක් යොමුකරමින් ඇය පෙන්වා දෙන්නේ මේ තුළින් තම වරප්‍රසාද කඩවී ඇති බවයි.
මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ විභාග කරන ලෙස රෝහිනී කවිරත්න මහත්මිය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
ඇමතිවරයා අසභ්‍ය වචන භාවිතා කරන අයුරු පාර්ලිමේන්තු සජීව විකාශයන් ඔස්සේ ද විකාශය විය. එය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval