
මෙවර සති අන්තයේ ශ්‍රීපාද වන්දනාවට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇතැයි වාර්තා විය.
නල්ලතන්නිය නඟරයේ ප්‍රාදේශිය සභා හා පෞද්ගලික රථ ගාල් සියල්ලම බස් හා වෑන් රථ වලින් පිරී ගොස් තිබුණි. ප්‍රමාණවත් රථ ගාල් නොමැතිකමින් වන්දනා නඩ රැගෙන පැමිණි වාහන කිලෝ මීටර් 07 ක් පමණ දුරට නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් ප්‍රදේශය දක්වා මාර්ගය දෙපස ගාල් කළ බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
වන්දනාකරුවන් අධික වීම හේතුවෙන් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටුපාන ප්‍රදේශයේ පැය කීපයක තදබදයක් පැවති බවද
මෙවර ශ්‍රීපාද වන්දනා සමය තුල වැඩිම වන්දනාකරුවන් පිරිසක් පැමිණි සති අන්තය මෙය බවද නල්ලතන්නිය පොලීසිය සඳහන් කරයි.
(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval