
පසුගිය බ්‍රහස්පතින්දා පස්වරු 4.30ට පමණ රත්තොට රිවස්ටන්, ගෝනමඩ ප්‍රදේශයේ අඩි දෙසීයකට වැඩි ප්‍රපාතයකට කාර් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයකුගේ බිරිය මියගොස් තිබේ.
මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා ඇතුළු පවුලේ පිරිස රිවස්ටන් බලා විනෝද චාරිකාවක් ගමන් කරමින් තිබියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති අතර, අනතුරින් සැරයන්වරයාගේ බිරිය මියගොස් ඔහුගේ නෑනාද නෑනාගේ 8 හැවිරිදි දියණියද තුවාල ලබා ඇත. රිය අනතුරින් පොලිස් නිලධාරියා සහ 11 හැවිරිදි දියණිය ද තුවාල ලබා රෝහල් ගත කරන ලදි.
ඔවුන් මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ බිරිය වන උකුවෙල, ගුරලවෙල පදිංචි දිල්රුක්ෂි වික්‍රමසිංහ නමැති 33
පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත අතර ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි
(මහේෂ් කීර්තිරත්න සහ මාතලේ ඩබ්ලිව්. සෝමරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval