slave-island-name-change

75 වන නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශය ඉංග්‍රීසි බසින් මෙතෙක් හැඳින්වූ ‘ස්ලේව් අයිලන්ඩ්‘ යන නම වෙනස් කරන ලෙස අගමැති තුමා නියෝගයක් නිකුත් කර තිබේ.
අගමැති ලේකම්වරයා අදාල පරිපාලන අංශ වෙත ලිපියකින් ඒ බව දන්වා ඇත්තේ පහත පරිදිය.


ලේකම්,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
තැපැල්පති, තැපැල් දෙපාර්තමේන්තුව
නාගරික කොමසාරිස්, කොළඹ මහනගර සභාව

කොළඹ 02 - “කොම්පඤ්ඤ විදිය" භාෂාත්‍රයෙන්ම එලෙස හැඳින්වීමට වහාම පියවර ගැනීම.



කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශය ආශ්‍රිතව මාර්ග පුවරු, තැපැල් භාවිතාව, වරිපනම් හා ඡන්ද නාම ලේඛන යනාදිය ආශ්‍රිතව කටයුතු කිරීමේදී සිංහල හා දමිළ භාෂාවලින් “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිතා කළද, ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතයේදී වෙනත් අදහසක් අරුත්ගන්වන “Slave Island'' යන පැරණි නාමකරණය තවමත් එලෙසින්ම භාවිතාවීම පිළිබදව ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ අවධානයට යොමුව ඇත.

එබැවින් 75 නිදහස් දිනයට සමගාමීව කඩිනමින්ම යටත්විජිත සමයේ භාවිතා වූ නමකින් හැඳින්වීම වෙනුවට සිංහල හා දමිළ භාෂා වලින් නිවැරදිව භාවිතා වන පරිදි “කොම්පඤ්ඤ වීදිය " යන නාමකරණය ඉංග්‍රීසි භාෂාවෙන්ද නිවැරදිව පරිවර්ථනය කරමින් භාවිතා කිරීම සහතික වනු පිණිස මහජන සේවා සැපයිමේදී මින් ඉදිරියට නිවැරදිව සියලු රාජ්‍ය ලිපි ලේඛනවල, විදි නාමකරණය, තැපැල් ලිපිනයන් හා කේත අංක භාවිතාව, ඡන්ද නාම ලේඛන, වරිපනම් හා බදු  යනාදී භාවිතාවන්ට අදාලව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින්ම පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාක්‍යතුමන්ගේ නියමය පරිදි කාරුණිකව දන්වා සිටිමි.



අදාළ සංශෝධන කටයුතු 75 නිදහස් දිනට සමගාමීව සිදු කිරීමට ඔබ දක්වන කඩිනම් අවධානය බෙහෙවින් අගයමි.
අනුර දිසානායක
අග්‍රාමත්‍ය ලේකම්

පිටපත : ගරු අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්
- ගරු අග්‍රාමාත්‍යතුමන් දැනුවත් කිරීම පිණිස