shades-murder-updates

ෂේඩ්ස් හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ  අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් සහ හුස්වා ෆස්ලිම්  යුවළ පැය 24ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ අවසර ලබාදුන්නේය.
ප්‍රශ්නකිරීම් වලදී ඔවුන් හෙළි කරන ලද තවත් කරුණු මේ වනවිට වාර්තාවේ.

ඝාතනය සිදු කළ බවට පාපොච්චාරණය කළ අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නිසි රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව සිටි අයෙකි. ඔහු කලක් කොල්ලුපිටියේ ප්‍රකට විදුලි උපකරණ සාප්පුවක අලෙවිකරණ සහායකයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර එයින්ද ඉවත්වී වරින්වර සුළු සුළු ගැනුම් විකුනුම් ව්‍යාපාර කරමින් ජීවත්ව සිට ඇත.


සමලිංගික සේවනය බලාපොරොත්තුවන අයට සේවා සපයා අසාධාරණ ලෙස ඔවුන් කොල්ලකෑම ඔහු දිගටම කරගෙන ගිය බවද පාපොච්චාරණය කර තිබේ. ලංකාවේ බොහෝ ධනවත් සමලිංගික පුද්ගලයින්ට තමා සේවා සපයා ඇති බවත් ඇතැම් අවස්ථාවල ඔවුන් තමාට විශාල මුදල් ලබාදී ඇති බවත් පවසා ඇති ඔහු මෙම කටයුත්ත හොඳ ආදායම් මාර්ගයක් ලෙස පෙනීගිය නිසා ඊට අදාළ ඇප් ෆේස්බුක් පිටු හා වෙබ් අඩවි ඔස්සේ ගැනුම්කරුවන් ඇසුරු කිරීම පුරුද්දක් ලෙස කරගෙන ගිය බව පවසා ඇත. නමුත් විවාහයෙන් පසුව තම බිරිය මෙම කටයුතු නතර කරන ලෙස ඉල්ලා සිටි බවත් තමා විවාහයෙන් පසු ඒවා අත්හැර දැමූ බවත් ඔහු පවසා තිබේ. නමුත් අතේ ඇති මුදල් හිගවීමත් බිරියගේ නිවසේ දිගටම රැඳීසිටීම ප්‍රශ්නකාරීවීම නිසා කූලී ගෙයක් සෙවීමේ අවශ්‍යතාවත් නිසා නැවත ඇප් එකට ඇතුළුවී ගැණුම් කරුවන් ඇසුරු කරන්නට පටන්ගත් බව ඔහු පවසා තිබෙන අතර කලකට පසු එවැනි ගමනක් ගියේ බත්තරමුල්ල නිවසට බව දන්වා ඇත.
 බත්තරමුල්ලේ නිවසට ඒමට මාසයක පමණ පෙර සිට රොෂාන් වන්නිනායක තමා ඇප් එක ඔස්සේ ඇසුරු කළ නමුත් ඔහුව හැබැහින් දුටුවේ සිදුවීම සිද්ධවූ 30 වනදා බව ඔහු පොලිසියට පවසා තිබේ. තමාට කොන්ඩම්ද රැගෙන නිවසට එන ලෙස ඔහු වට්ස් ඇප් ඔස්සේ දන්වා සිටි අවස්ථාවේ තමා සිටියේ දෙහිවල බවත් අනතුරුව කළුබෝවිල ෆාමසියකට ගොස් ඒවා මිලට ගෙන අතරමගදී ඔහුගේ වාහනයට ගොඩවැදුණ බවත් ඔහු පවසා තිබේ.
නිවසට ගිය පසු ව්‍යාපාරිකයා තමාට හොඳන් සැලකූ බවත් කන්න බොන්න දීමෙන් පසු පිහිනුම් තටාකය අසළට එක්ක ගියබවත් පළමු පැය තුළ තමා සමග ලිංගික සබඳතාවයක් පැවැත්වූ බවත් ඔහු පිළිගෙන තිබේ. අනතුරුව පාවිච්චි කළ එක් කොන්ඩමයක් බැල්කනියෙන් පිටතට ඔහු විසි කළ බවත් ඔහු පවසා තිබේ. අනතුරුව දෙන්නාම පිහිනුම් තටාකයේ පිහිනමින් ටික වේලාවක් කතාකරමින් සිටි බවත් තමාට බිරිය සමග කුලී නිවසකට යාමට අත්තිකාරම් මුදල් ප්‍රමාණයක් මදි නිසා රුපියල් ලක්ෂයක් පමණ ලබාදීමට හැකිදැයි විමසූ බවත් පවසා තිබේ. ව්‍යාපාරිකයා තමන් සතුව එම අවස්ථාවේ එතරම් මුදලක් නැතැයිද පර්ස් එකේ තියන ගාණක් දෙන්නට හැකි යයිද පවසා පර්ස් එක රැගෙනවිත් තිබෙන අතර එහි එතරම් මුදලක් තිබී නැත.
ටික වේලාවකට පසු ව්‍යාපාරිකයා තමාට නැවත සමීප වී දෙවන වර ලිංගික ඇසුරකට සූදානම්වූ බවත් එම අවස්ථාව බලා තමා
පර්ස් එකේ තිබුණ කාඩ්පත්වල මුදල් ලබාදිය හැකිදැයි ඇසු බවත් ඝාතකයා පවසා තිබේ. එසේ විමසීමේදී ඒක කරන්න බෑ යයි ව්‍යාපාරිකයා පිළිතුරු දී ඇත. එම අවස්ථාවේ ව්‍යාපාරිකයා බියගන්වා මුදල් ඉල්ලීමට ඝාතකයා පියවර ගෙන තිබේ.  පොල්ලකින් ගසා බයකර ව්‍යාපාරිකයාගේ කාඩ්පත්වල රහස්‍ය අංක ලබාගැනීමට කටයුතු කර ඇති ඔහු අනතුරුව වැරෙන් පහරක් ගසා තිබෙන අතර ඒ සමගම වයාපාරිකයාගේ බෙල්ල කඩා වැටුණ බවත් ඔහු මියයන්නට ඇතැයි තමාට සිතුණ බවත් ඝාතකයා පාපොච්චාරණය කර තිබේ.


අනතුරුව ඔහුව ඇදගෙනවිත් පිහිනුම් තටාකය වෙත දමා පළාගිය බව පාපොච්චාරණය කර තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය වී සිටි නිවස ද නැවත වරක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ විමර්ශනයකට ඊයේ ලක්ව තිබුණි. ව්‍යාපාරිකයා විසින් විසි කළේ යැයි කියනු ලබන උපත් පාලන කොපුවක් සොයා බැලූ මුත් එය හමුවී නැත. මෙම සෝදිසියේදී ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහුව ඝාතනය කිරීමට යොදාගත්තේ යැයි සැකකරන පොල්ලක්ද නිවසේ තිබී සොයාගෙන තිබේ. එය රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය. ඇතුළේ තිබී හමුවූ පරිහරණය කළ උපත් පාලන කොපුවද ඩී. එන්. ඒ. පරීක්ෂාවක් සඳහා යොමුකරන බවද පොලිසිය කියයි.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසුව මෙම යුවළ ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංචාරයක නිරත වීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු දින එනම් 31 වෙනිදා අලුයම 3.30 පමණ වන විට බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වී සිට ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබුණි. ගුවන් තොටුපොළ පරීශ්‍රයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් මෙම යුවළ අලුයම 3.48 හෝ ඒ ආසන්න වේලාවක් තුළදී ජල බෝතල් දෙකක්ද මිලදී ගෙන ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ.

වීසා ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් ඉන්දුනීසියා ගමන ගුවන් තොටුපොළින්ම නතර කිරීමට සිදුවීම හේතුවෙන් මෙම යුවළ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට උදෑසන 5.30ත් 6.00ත් අතර කාලය තුළ පිටතට පැමිණ ත්‍රිරෝද රථයකින් කටුනායක බස් නැවතුම වෙත ගොස් ඇති බව සඳහන්ය. ඒ යන අතර තුර ඔවුන් අලුයම 6.05ට පමණ කටුනායක පිහිටි ව්‍යාපාරික ස්ථානයකට ගොස් ද ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම යුවළ කටුනායකින් බස් රථයක නැඟී කොළඹට පැමිණ එතැනින් කොළොන්නාවට පැමිණ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇති බවද විමර්ශනවලින් කොළඹ අපරාධ කොට්ඨාසය හෙළිකරගෙන තිබේ.
අනතුරුව ත්‍රිකුණාමලය බලා පළාගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවූ බව ජන මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමඟය.
ඝාතයාගේ බිරිය හුස්වා ෆස්ලිම්ගේ පුංචි අම්මා විසින් දුරකතන ඇමතුමක් ලබාදී මොවුන්ව පොලිසියට පාවාදී ඇත. ඊට හේතුව වී ඇත්තේ සමලිංගික ඇසුරක් පවත්වන අයෙකුට තිබුණ අකමැත්ත බව පැවසිණි. එසේම ඝාතනයක් සිදුකර සැඟව සිටීම ඇගේ පිළිකුලට හේතුවී ඇත.
ත්‍රීකුනාමලයේ ටික දිනක් ගතකර නැවත කොළඹ පැමිණි දිනයේම ඔවුන් කඩවතදී කොටුවූයේ එම ඇමතුම නිසාය.

මෙම සැකකරු සතුව තිබී ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියෙන් සොරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් 04න් දෙකක් සොයාගෙන ඇත. සෙසු කාඩ්පත් දෙකට සිදු වූ දෙයක් ඔහු නිසි ලෙස පවසන්නේ නැති අතර ඔහු පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය තමා සොරා නොගත් බවකි. මෙතෙක් පොලිසියට මෙම මුදල් පසුම්බිය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.



ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය ද මෙම සැකකරු විසින් පැහැරගෙන ගොස් තිබුණි. ඉන්දුනීසියාවට යාමට ගුවන් ටිකට්පත් පවා ඔහු වෙන් කරගෙන තිබුණේ එම ජංගම දුරකතනයෙනි. එසේම ඔහු එම ජංගම දුරකතනයෙන් ඇමතුම් රැසක්ද ලබාගෙන තිබුණි. එම දුරකතනය ගැන ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ වැල්ලවත්තට ගිය තමා එය මුහුද දෙසට විසිකළ බවය. මුහුද දෙසට එම ජංගම දුරකතනය විසි කළේ යැයි කියන ස්ථානය සහ ඒ අවට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවක් කර ඇතත් ඊයේ සවස් වන තුරුම එම ජංගම දුරකතනය හමුවී නොතිබුණි.

සිය බිරිඳ සමඟ සැකකරු මෑතක් වන තුරුම පදිංචිව සිට ඇත්තේ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ඔහුගේ මහ ගෙදරය. එහෙත් ව්‍යාපාරිකයා ඝාතනය වන විට ඔවුන් දෙදෙනා රැදී සිට ඇත්තේ කොළොන්නාව ගොතටුවේ කමන්වත්තේ පිහිටි බිරිඳගේ දෙමාපියන්ගේ නිවසේය. ඔහුට සිය බිරිඳ සමඟ කුලී නිවසකට යාමේ දැඩි අවශ්‍යතාවක්ද තිබී ඇති බවත් ඒ සඳහා ඔහුට මුදල් අවශ්‍යතාවක්ද තිබී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

අධිකරණයෙන් ලබාගත් අමතර පැය 24ක කාලය අද දිනයේ අවසන්වන වන බැවින් සැකකාර යුවළ කඩුවෙල අධිකරණයට අද (7) ඉදිරිපත් කරන බවත් බොහෝ විට මහේස්ත්‍රාත් හමුවේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කරනු ඇති බවත් වාර්තා විය. පසුගිය 02 වෙනිදා සවස පැලවත්තේ නිවසින් හමුවූ ව්‍යාපාරිකයාගේ මළසිරුර දින කිහිපයක් ජලයේ තිබීම හේතුවෙන් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස විරූපී වී තිබීම නිසා පවුලේ ඥාතීන් කිසිවෙකුත් හඳුනා ගත්තේ නැත. එබැවින් පසුගිය 03 වෙනිදා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොවීය.

මේ තත්ත්වය මත කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන්කර ඇත්තේ මළ සිරුර හඳුනා ගැනීම සඳහා මියගොස් සිටින පුද්ගලයාගේ මවගේ ඩී.එන්.ඒ. සමඟ මළ සිරුරේ ඩී.එන්.ඒ. සංසන්ධනයක් කිරීමට පියවර ගන්නා බවය. ඒ සඳහා මළ සිරුරේ සාම්පල් ලබා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක්ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ලබාගෙන තිබේ.
සිරුර ඊයේ (06) පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමුකර තිබුණ අතර එහිදී හෙළිවී ඇත්තේ මොට ආයුධයකින් හිසට එල්ලකළ පහරදීමකින් මරණය සිදුව ඇති බවය. ඊට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.