
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හයක මිල අඩු කර තිබෙයි.
රුපියල් 395 ක් ව පැවති අර්තාපල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් විස්සකින් අඩු කරඑහි නව මිල රුපියල් 375 කි. ලොකු ළූනු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් දහයකින් අඩු කර නව මිල රුපියල්149 කි.
ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 7 කින් අඩු කර නව මිල රුපියල් 198 කි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 7 කින් අඩුකර නව මිල රුපියල් 358 කි.
දේශිය රතු කැකුළු කිලෝග්‍රෑම් එක රුපියල් 5 කින් අඩුකර නව මිල රුපියල් 164 කි.
ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් එක රුපියල් 5 කින් අඩු කර නව මිල රුපියල් 179කි.
Comments
Post a Comment
Your comment will be visible after approval