
විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු ඇතුළු ක්ෂණික කෑම මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ.
ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ එම මිල 10%කින් වැඩි කෙරෙන බවය.
මින් ඉහත කොත්තු ඇතුළු පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදන මිල පාන් පිටි මිල ඉහළ ගිය අවස්ථාවේ වැඩි කළ මෙම සංගමය පාන්පිටි මිල විශාල ලෙස පහත ගියද වෙනසක් කර තිබුනේ නැති අතර දැන් විදුලි බිල පෙන්වා තවත් වැඩි කිරීමට කටයුතු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval