romenia-job-italy-man-nabbed

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාර්යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ ඉතාලි ජාතිකයෙකු ඇතුළු ලාංකිකයන් තිදෙනෙකුට අධිකරණය විසින් දඬුවම් නියම කර තිබේ.  ඒ අනුව එහිදී, ඔවුන් විසින් විදේශ රැකියා ලබාදෙන බවට සිදුකළ මුදල් ජාවාරමේ වරද පිළිගෙන ඇති බැවින්,

වරදකරුවන් අතරින් පැමිණිල්ලේ පළමු, දෙවැනි හා තෙවැනි වරදකරුවන් සඳහා රුපියල් 100,000.00 බැගින් වූ දඩ නියම කර ඇත.

දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 03ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්ද නියම කර තිබේ. තවද, මෙම වරදකරුවන් තිදෙනාට මාස 06ක සිර දඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවා මෙවැනි වැරදි යළි නොකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් දැඩිව අවවාද කර ඇත. පැමිණිල්ලේ සිවුවැනි වරදකරුට රු. 35,000.00ක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කර, එම සිර දඬුවම වසර 05කට අත්හිටුවා තිබේ. විදේශ රැකියාවලට යාමට ඒජන්සි ආයතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යනුකූලභාවය හා අනුමත රැකියා ඇබෑර්තු තිබේදැයි තහවුරු කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවෝද්‍යා පවනි