
පරිවාස කාලයකට යටත්ව, අනිවාරිය නිවාඩු යවා සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාරියවරියකට සේවය නොකළ කාලයේ දී ද
වැටුප් හා දීමනා ලෙස රුපියල් කෝටි දෙක හමාරක (රුපියල් 2,602,720ක) මුදලක් විශ්වවිද්‍යාල කළමනාකාරීත්වය විසින් ගෙවනු ලැබ ඇති බව විගණන පරීක්‍ෂණයක දී අනාවරණය වී ඇත.ඇය විශ්ව විද්‍යාලයට කිසිදු සේවාවක් ලබා නොදුන් 2020 සැප්තැම්බර් මස සිට 2021 නොවැම්බර් දක්වා කාලයේ දී මෙම වැටුප් හා දීමනා ලබා දී ඇති බව ද එම විගණන වාර්තාවේ දැක්වේ. එම කථිකාචාර්යවරිය විශ්වවිද්‍යාල අධ්‍යයන හෝ පරේක්ෂණ කටයුතු සඳහා කිසිදු සක්‍රීය දායකත්වයක් ලබා දී නොතිබිය දී එම කාල පරිච්ඡේදය සඳහා අධ්‍යයන හා පරේශ්ෂණ දීමනා ලෙස රුපියල් 13,83,283 ක මුදලක් ද ලබාගෙන තිබෙන බවත්, සේවය සපයා ගැනීමකින් තොරව ඇයට ගෙවන ලද වැටුප් හා දීමනා ආපසු අයකරගත යුතු බවට විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත.
මෙය මතභේදයට තුඩු දෙන ගනුදෙනුවක් ලෙස ද විගණන වාර්තාවේ සඳහන් වේ.
කෘෂිකර්ම පීඨයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ සේවය කළ මෙම කථිකාචාර්යවරිය සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධව විමර්ශන කර විශ්වවිද්‍යාල පාලක සභාව ගත් තීරණයක් මත විධිමත් පරීක්ෂණයක් නොපවත්වා ඇයගෙන් සමාව අයැදින ලිපියක් බාරගෙන ඇයට සේවයට වාර්තා කිරීමට ඉඩ ලබාදුන් බව විශ්ව විද්‍යාල කළමනාකාරිත්වය විගණන අංශයට දන්වා ඇත.
ජේ.ඒ.එල්. ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval