
ප්‍රවීණ මලල ක්‍රීඩකයෙකු වන සුගත් තිලකරත්න මහතා ජාතික ජන බල වේගය විසින් පවත් වන ලද දේශපාලන රැළියක් අමතා මෙසේ පැවසීය.
"මම ක්‍රීඩකයෙක් හැටියට ලංකාව ජාත්‍යන්තරේට අරන් ගියා. මහ පොළොවේ ජීවත් වෙන්නවත් බැරි තරමට අද අපේ රට පත් වෙලා තියෙනවා. මම බොහොම ආසාවෙන් ගෞරවයෙන් තමයි ජාතික ජන බල වේගයට කඩේ යන්නේ.
කිසිම විදිහක වැලි පර්මිට් එකක් බාර් පර්මිට් එකක් මං හිතන්නේ ඊළගට ප්‍රාදේශීය සභාව ආවට පස්සේ , එතනින් එන ගමේ පාර හදන්න කන්ට්‍රැක්ට් එක ගන්න, එහෙම බලාපොරොත්තු නෑ කාගෙවත්.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් හම්බුවෙන්න යන්න මට අවස්ථාව ලැබුණා. එතුමා කිව්වා ජාතික ජන බල වේගයේ ආණ්ඩුවක් එක්ක අපිත් පාරට බැහැලා අපිත් එනවා වැඩ කරන්න ඔයාලත් එක්ක එකතු වෙලා කියලා කිව්වා.
ඡන්දය තිබ්බා හෝ නොතිබ්බා කිසිම කෙනෙක් පසුබට වෙන්න එපා. අපි අදිටන් කරගමු ජනාධිපතිවරණය දක්වා අපි මේ සියළු දෙනාම එකතු වෙලා එක මිටක් වගේ ඉමු කියලා."
Comments
Post a Comment
Your comment will be visible after approval