oswald-gomis-no-more

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවිය.



ඔස්වල්ඩ් තෝමස් කොල්මන් ගෝමිස් නමින් 1932 දෙසැම්බර් 12 ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය නගරයේ උපත ලද හෙතෙම කොළඹ ජෝසප් විද්‍යාලයට හා ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබා තිබේ. 1950 දී ශාන්ත ඇලෝසියස් සෙමනේරියේ කථිකාචාර්ය, 1961 සිට 1968 දක්වා කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ සහ කර්තෘ වැනි තනතුරු කිහිපයක්ම දරා තිබේ.  කොළඹ හිටපු රෝමානු කතෝලික අගරදගුරු සහ කොළඹ  විශ්වවිද්‍යාලයේ 2002-2021 කාලයේ කුලපතිවරයා වූ එතුමන්
කොළඹින් පිට ගම්මානවල දරුවන්ට උපකාර කිරීම සඳහා කොළඹ ප්‍රධාන විද්‍යාලවලට අනුබද්ධව පිට දිස්ත්‍රික්කවල විවිධ ශාඛා පාසල් ආරම්භ කිරීමට මූලික වී ඇත. දුප්පතුන් සඳහා විවිධ ආධාර යෝජනා ක්‍රමවලට සම්බන්ධ වී ඇත.


ආසියානු රදගුරු සම්මේලනයේ මහලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් පසු 2002 ජුලි 6 වන දින, දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ  උන්වහන්සේව කොළඹ අගරදගුරු තුමා ලෙස පත්කරන ලදි. අනතුරුව වත්මන් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වෙත තනතුර මාරුවෙමින් එතුමන් 2009 අගෝස්තු 5 දින විශ්‍රාම ගැන්වීය.