namo-namo-daye-tamil-anthem

අද (4) කොළඹ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින්ද ගායනා කිරීම විශේෂිතය. මේ සඳහා සිංහල හා දෙමළ පාසල් ගණනාවක සිසුසිසුවියන් සම්බන්ධ කරගෙන තිබුණි.


දකුණේ ඡන්ද නොලැබෙන පසුබමික ඉදිරි ජනපතිවරණයක් අරමුණු කරගෙන 13 වන සංශෝධනය බලාත්මක කර දමිළ ජනතාව පිනවා උතුරු නැගෙනහිර ඡන්ද ලබාගැනීමට රජය ක්‍රියාකරමින් සිටින බවට විවේචන පැනනැගී ඇත.
කෙසේ වතත් අද දින යාපනයේ  සිට මඩකලපුව දක්වා පා ගමනක් සමග කළු කොඩි විරෝධතාවයක් පවත්වා තිබේ. කළු විරෝධතා රැලිය ලෙස අද සිට දින 4 ක් තිස්සේ පවත්වන මෙම පෙළපාලියේ මූලික අරමුණ ලෙස දෙමළ ජනතාව හඳුන්වා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් ජනතාවට කිසිදු නිදහසක් නැති බවත් මේ දිනය ශෝකී දිනයක් ලෙස හදුන්වන ලෙසත්ය. මේ හේතුවෙන් වෙළෙඳ සල් පවා වසාදමා ඇතැයි උතුරින් වාර්තාවේ.
‘නමෝ නමෝ දායේ‘ ලෙසින් ජාතික ගීය දෙමළින් ගැයූ හැටි වීඩියෝව පහතින්