
පසුගිය අරගල සමයේ රූපවාහිනීයට කඩා වැදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ දානිශ් අලී මෙවර කොලඹ මහ නගර සභාවට ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් තරග වදින අතර සංඝරාජ මාවතේ පිහිටි පක්ෂ කාර්‍යාලයට කොටහේන පොලීසියේ නිළධාරීන් ඊයේ පැමිණ එහි කටයුතුවලට බාදා පමුණුවා තිබේ. බීමතින් පැමිනි පොලිසිය කරදරයක්වූ බවත් මහ ජනතාවගේ ප්‍රශ්න හමුවේ ඒ වෙනුවෙන් හඩනගන පක්ෂ අරගලකරුවන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සොයා මෙලෙස පොලීසිය හදිසියේ කඩාවැද බියවැද්දීමක් කර ඇති බවත් ඔවුන් චෝදනා කර තිබේ. එහිදී කාර්‍යාලයේ සිටි පිරිසගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ පොලීසිය පැය 2 කට පමන පසු කාර්‍යාලයෙන් ඉවත්ව ගිය බවද පැවසේ.
ඊයේ ( 03 )රාත්‍රී එලිෆින්ස්ටන් රගහල අසල විරෝධතාවයේ පොලිස් පහරදීමෙන් පසු මෙලෙස පක්ෂ කාර්‍යාලයට පොලීසිය කඩාවැද එහි සිටින පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පැවසේ.
මැතිවරණ සමයේ මෙලෙස සිදු කරන බියවැද්දීම් වලට එරෙහිව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ශය හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසමට සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන වෙත පැමිණිලි සිදු කරන බව දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval