ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට මෙලෙස පැවසීය.



"පවතින නීතියට අනුකූලව මැතිවරණයට සූදානම් වීම තමයි දේශපාලන පක්ෂයක වගකීම. අපි තමයි ඉස්සෙල්ලම ඇප මුදල් බැන්ඳෙ. හැම දේශපාලන පක්ෂෙම අවස්ථාව දෙන්න ඕනේ ඕන එපා අය තෝර ගන්න. ගමේ මළ ගෙදර , මඟුල් ගෙදර,  කොටහළු ගෙදරක ගියේ අපේ පාක්ෂිකයා, අපේ මන්ත්‍රීවරයා. ඒ අය තැබූ විශ්වාසය ගමේ ජනතාව තහවුරු කරයි කියලා විශ්වාස කරනවා.

බදු සම්බන්ධව අපට චෝදනා තියෙනවා. පැහැදිලිව බදු ප්‍රමාණයේ යම් සංශෝධනයක් විය යුතුයි. අපේ ප්‍රාදේශීය සභාවල පොහොට්ටුවෙන් හැම කොට්ඨාශයකම අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියෙනවා.

ජනාධිපතිවරණය පිළිබදව විමසූ පැනයකට ඒ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

"ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න කියමුකො. පස්සෙ ඊළඟ මැතිවරණය ගැන කතා කරමු. ප්‍රාදේශීය සභා මැතිවරණයක් ගැන විපක්ෂය කෑ ගහන වෙලාවේ ජනාධිපතිවරණයක් ගැන කතා කරලා වැඩක් නෑනේ. "