lahiru-speaks

අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදළිගේ  සිරගතව සිටියදී තමා ගාතනය කරන්නට දැරූ ප්‍රයත්නය ගැන මාධ්‍ය හමුවකදී මෙසේ තම අදහස් පළ කළේය.

"බොරු සාක්ෂි නිර්මාණය කරලා, දැවැන්ත මැදිහත් වීමක් අරගෙන ගියා, වසර ගණනාවක් අපිව සිර කිරීමට. අයේ සටන් කළොත් උඹට වෙන්නෙ මේකයි, ආයේ පාරට බැස්සොත් වෙන්නෙ මේකයි කියන එක ඒත්තු ගන්වන්න තමයි රනිල් වික්‍ර්මසිංහ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත යටතේ අපට නඩු පැවරුවේ.

අධිකරණය දුන්නු ඓතිහාසික තීන්දුව ඇතුළේ අපිව නිදහස් කරන්න ඕනේ කියලා සාකච්ඡාව ඇවිල්ල තියෙනවා. මාව අතඩංගුවට ගන්න කොට හිටියේ ඒ.ස්.පී. මහින්ද විලෝ ආරච්චි කියලා පුද්ගලයෙක්. පෑලියගොඩ පොලීසියට ගෙන්නලා කිසිම පැහැදිලි කිරීමක් නැතුව හංගලා වගේ තියලා පහුවදා උදේ සිවිල් පිට වාහනේක දාගෙන රෙද්දකින් ඔතලා අරගෙන යනවා එඬේරමුල්ල පොලීසියට.



ඒ.ස්.පී. මහින්ද විලෝ ආරච්චි කියන පුද්ගලයා මේ වගේ මේසෙක පිස්තෝලයක් මගේ පැත්තට හරවලා, 'විජේවීරට වුණු දේ උඹට මතකද? උඹටත් ඒ ටිකම තමයි කරන්න අපිට ඕනකම තියේන්නේ. හැබැයි මේ තත්වය නිස උඹව ඝාතනය කරන්න විදියක් නෑ. ඒ නිසා තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන්' කියලා ඒ.ස්.පී. මහින්ද විලෝ ආරච්චි කියනවා. මරණවා කියලා තර්ජනය කරලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කළා.

අපි මේ සියල්ල කියන්නෙ යුක්තිය සම්බන්ධ කාරණා වලදී අපි මේ සියල්ල දැනගෙන ඉන්න ඕන. අපිව නවගමුව දේවාලේ පහළ ගඟ අයිනකට ගෙනල්ලා නතර කරළා තිබුණට පස්සේ  නවගමු ආරක්ශක නිළධාරියා එනවා සැක සහිත වාහනයක් ඇයි මෙතන තියෙන්නෙ කියලා. අපිව අරගෙන ආපු පොලිස් නිළධාරියා මොකද කිව්වේ 'යකෝ අන්න අරූ එනවා ඌ එන්න කළින් ඉකමනට එළවපන්' කියලා.

නිශ්චිත නිළධාරියෝ කිව්වා 'අපි මධූෂ්ව ඝාතනය කළේ මෙන්න මෙහෙමයි. සී.සී.ටිවී නැති තැන අපි හෙව්වේ මෙහෙම. මෙහෙම තමයි ෂූට් කළේ.' මෙහෙම තමයි අපිට කිව්වෙ. ඉතාම වගකීමෙන් කියන්නේ. අපි අහනවා පොළිස්පතිවරයාගෙන් පොලීසියට මොකක්ද තියෙන අයිතිය අපිව එහෙම අරගෙන යන්න."