iraj-samantha-badra

සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරු ඉරාජ් වීරරත්න  හිටිහැටියේම මල්වතු විහාරයට ගොස් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කිරීමක් කර තිබේ.


ඉරාජ් වීරරත්න මෙසේ පැවසීය.

"මම අපේ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක වැඩ කරනවා. මං කියනවා මේ වෙලාවේ එකතු වෙන්න කියලා හැමෝටම. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා තරුණයන්ට නායකත්වය දෙන්න එකතු වෙන්න.

2000න් පස්සෙ තරුණ ප්‍රජාවට එක එක විෂබීජ දානවා එක එක කණ්ඩායම්. ඒකට මං ගොඩක් විරුද්ධයි. අපි දකිනවා ස්වාමීන්  වහන්සේලාට දානේ දෙන්න එපා, ගරු කරන්න එපා කියලා විශාල වශයෙන් ගියා පහුගිය කාලේ. ඒකට ස්වාමීන් වහන්සේලා එකතු වෙන්න ඕනේ."

 සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූහ.

"පන්සල් පල්ලි වලට තමා ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන්නෙ. මේ ඉඩම් අපි එක එක සංවර්ධනය කරන්න අපි මොඩල් එකක් හදලා තියෙනවා.

මං හැමෝටම ආරධනා කරනව උමංදාව බලල අපි ජාතියට හයියක් වෙමු."

ඉදිරි ජානාධිපතිවරණයට සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු ඇසු පැනයකට උන්වහන්න්සේ මෙසේ පිළිතුරු දුන්හ.

"ජනාධිපතිවරණයට එන්නත් රටක් තියෙන්න එපැයි. මහණ වෙලා මං අවුරුදු විසි ගාණක් වෙනවා, ඒ විසි ගානෙම අහපු ප්‍රශ්ණයක් තමා මේ පාර ඡන්දෙට එන්නේ නැද්ද? තාම උත්තරේ නෑ කියන එක.

කිසිම ආගමකට බණින්න ඕනෙ නෑ. අපි මත හදන්න ඕනේ. මත හැදුවෙ නැත්තම් අපි ලොකූ ඛේදවාචකයකට මුහුණ දෙනවා. මහා නැවක් මුහුදෙ එක තැනකින් හිල් වෙලා පොඩ්ඩ පොඩ්ඩ ගිලෙනවා වගේ අපි ගිලෙනවා. ඒක අපිට තේරෙන්නේ නෑ. මේකට උත්තර එපැයි. හැම ප්‍රශ්නෙකටම උත්තරේ දේශපාලනෙ නෙමෙයි. මිනිස්සු සාමූහිකව ගොඩ නැගෙන්න ඕන.

අපේ දෙශපාලනේ තියෙන්නෙ හැමෝත් එක්කම සුහදව කතාබහ කරන එක. මම නම් කැමතියි අර මහා සම්මත රජ්ජුරුවෝ පත් කරපු ක්‍රමේට."