independance-day-spent

රට ආර්ථික වශයෙන් මෙන්ම සියලු අංශයන්ගෙන් බංකොලොත් භාවයට පත්ව ඇති මොහොතක පෙරේදා (04) දින පවත්වනු ලැබූ නිදහස් දින උත්සවයේ වැසිකිලි පහසුකම් වෙනුවෙන් පමණක් රුලියල් ලක්ෂ 142ක (රු. 14,258,850) මුදල් වියදම් කරන බව අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසයි.



එහි සභාපති ජාමුණි කමන්ත තුෂාර මේ බව අනාවරණය කරන්නේ මෙවර ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් රජය දරන වියදම් ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත් තොරතුරු මතය. ඔහුට ලබාදී තිබූ වියදම් විස්තරය පහතින්