harin-speaks

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් මෙසේ පැවසීය.



"ඉතාමත් කෙටි කාලයකදී ලංකාවේ යම්කිසි මට්ටමකට නිදහසක් තියෙනවා. නිදහස සමරන්න පුළුවන්ද කියලා හිතේ ප්‍රශ්නයක් තියෙනවා මට ඇතුළුව. නමුත් අපි කොහොමද මේකෙන් ගොඬඑන්නේ.



මම දැක්කා 75 වන නිදහස් උළෙල ගාම්භීරත්වයෙන් චාම්ව සැමරුවා. මම කැබිනට් ඇමතිවරයෙක් හැටියටවත් සහභාගී වුණේ නෑ. තරුණයෝ බලාපොරොත්තු වෙන නිදහසකට ළඟා වෙන්න නම් මේ අවුරුද්දේ අපි අපේ කරන්න පුළුවන් සියළු ශක්තිය යොදලා සහයෝගය දෙන්න ඕනේ.  දේශපාලනය ඡන්ද පැවැත්වීම තුළින්ම නෙමෙයි රටෙ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවෙන්නෙ. මං විශ්වාස කරනව ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට මුවා වෙලා දේශපාලකයෝ කරන නිදහස නැතිකිරීම වෙනුවෙන්, ඉදිරියේදී ජනතාව පෙළගැහෙයි.

ඔබ සියළු දෙනාම දේශපාලනය ගණං ගන්නට එපා. දේශපාලනය අදාළම නෑ. මං මේ අභියෝගය ඔළුවට ගත්තේ දේශපාලනය ඔළුවට අරගෙන නෙමෙයි. 76 දී සැබෑ නිදහස ගන්නනම්, 75 දී වෙනස් වෙමු කියලා ඉල්ලීමක් කරනවා."