
එළැඹෙන පෙබරවාරි 8 වෙනිදා විදුලි බලමණ්ඩලය, වරාය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන, ආයතන මඟින් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට සියළු කටයුතු සූදානම්ව ඇති බව රන්ජිත් ජයලාල් මහතා ප්‍රකාශ කළේය. හෙතෙම මෙසේ පැවසීය.
"රටේ ජනතාව අදුරෙ තියලා තියෙන්නෙ ආණ්ඩුව, අපි නෙමෙයි. අපි ආණ්ඩුවට කියනවා මේ බදු පනත උඹලා අකුල ගන්න ඕනා. එළැබෙන පෙබරවාරි 8 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලයේ 26000ක් වෙච්ච සේවකයෝ ලංකා විදුලි බල මූලස්ථානය වෙතට පැමිණෙන්න සියළු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා අහවරයි. මේක රටේ ජනතාවගේ සටනක්.
මේ අමණ ආණ්ඩුවට මොළයක් නැතිවුණාට මේ ආයතන හතරෙම ඉන්න නායකයින්ට මොළයක් තියෙනවා. මේ රටේ ඉගෙන ගන්න දරුවන්නට විදුලිය දෙන්න ආණ්ඩුවට බැරි වුණාට, ඒ දරුවෝ මානසිකව වට්ටපු ආණ්ඩුවට අපි එරෙහි වෙනව තමයි. අපි ඒ දරුවන්ට එරෙහි වෙන්න කැමති නෑ.
විදුලිය නැතිවෙයි, අපි අඛණ්ඩ වැඩ වර්ජනයකට තල්ලු කළොත්. මේ ආණ්ඩුවේ ගමනක අවසානය තමයි සනිටුහන් වෙන්නෙ, මේ බදු පනත වහාම අකුල ගනින් කියලා කියන්න, 8 වෙනිදා උදේ 10ට.
අපි ආණ්ඩුවට කියනවා උබලගේ අවලං නීති දාලා, පොලිසිය දාලා මේක මර්ධනය කරන්න කටයුතු කොළොත් මේ ආයතන හතර එකතු වෙලා දැඩි ක්‍රියාමාර්ගයක් ගනන්වා. අපේ මේ වෛරය අපිට ප්‍රකාශ කරන්න දීපල්ලා කියලා අපි බල කරල කියනවා. ඒකට අත තියන්න ලෑස්ති වෙන්න එපා."
Comments
Post a Comment
Your comment will be visible after approval