call-track-thief-caguht

කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේන මහතා නිවසේ සිරකර ඔහුගේ මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා එය නැවත බාරදීමට  විනිසුරුවරයාගේ ජංගම දුරකතනයට ඊයේ (13) කතා කර රුපියල් ලක්ෂ 5ක කප්පමක්ද ඉල්ලා තිබුණ අතර එම අංකය ඔස්සේ පසුව කළ මෙහෙයුමකදී ගල්කිස්ස පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.



දුරකථනයෙන් විනිසුරුවරයාට ඔහු පවසා ඇත්තේ
“කාර් එක මහේස්ත්‍රාත්තුමෙක්ගෙ කියලා මම දැන ගත්තෙ අද පත්තර වල ඒ ගැන පළවෙලා තිබුණට පසුවයි. ඒ වෙනතෙක් මම ඒ බව දැන සිටියේ නැහැ. අනේ සර් මට සමා වෙන්න. නැති බැරිකමකටයි මම මේ වැඩේ කළේ. මට ලක්ෂ පහක් දෙන්න මම කාර් එක දෙන්නම්”
ලෙසිනි. දිසා විනිසුරුවරයා මේ බව පොලීසියට දැනුම් දී  ඇත.
අත්අඩංගුවවට ගැනීමට සොයන සැකකරු අතිරේක දිසා විනිසුරුවරයාට කතා කිරීමට යොදා ගත් ජංගම දුරකතන අංකය ඔස්සේ ඔහු සිටින ඉසව්ව සොයාගෙන අත්අඩංගුවට ගැනීමට අනතුරුව පොලිසිය කටයුතු කර තිබුණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු 25 වන වියේ පසුවන තරුණයෙකි.
 ඔහු වත්තල පිහිටි තට්ටු නිවාස සංකීරණයක නිවසක් කුළියට ගෙන තාවකාලිකව පදිංචිව සිටියේය. පැහැරගත් විනිසුරුවරයාගේ මෝටර් රථය වත්තල - හුණුපිටිය මාර්ගයේ නතරකර තිබිය දී සොයාගන්නටත් පොලිසියට හැකි විය.



මොහු ඊයේ විනිසුරුවරයාට දුරකතන ඇමතුම ලබාදී ඇත්තේ, 1960 මියගිය කාන්තාවකගේ නමට ලබාගත් සිම් පතකිනි.
පොලිසිය සඳහන් කළේ.එමෙන් ම මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ල කෑමට ලක් වූ දිනයේ දී කොල්ලකරු විසින් එම දුරකථන අංකයෙන් ඇමතුම් රාශියක් විවිධ පුද්ගලයන්ට ලබා ගෙන ඇති බවයි.ඒවා කුලී නිවාස වෙත ගත් ඇමතුම්ය.

පිළියන්දල - මඩපාත ප්‍රදේශයේ කුලී පදනම මත ලබා දෙන විනිසුරුවරයාගේ නිවස පරික්ෂා කිරීම සඳහා මෙම සැකකරු පසුගිය දා පැමිණ  මහේස්ත්‍රාත්වරයා සිර කර ඔහුගේ නිල මෝටර් රථය කොල්ල කෑවේය.

 විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා කළ මෙහෙයුමක් ඔස්සේ සැකකරු කොටු විය. අත්අඩංගුවට පත්වූ 25 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.