namal-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායමක් රැස්වූ සභාවක් අමතා මෙසේ පැවසීය.

"අපේ වීරකැටියෙ ගෙදර බල්ල හොරකම් කරපු එකත් ඡන්දෙ ඉල්ලනවා. ගෙවල් ගිනි තියන්න ආපු එකත් ඡන්දෙ ඉල්ලනවා.
මධුර මන්ත්‍රීතුමා හෙළිදරව්වක් කළා අපේක්ෂකයෙක් ගැන. ජේවීපී එකේ. දැන් ඉන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්. මාතර ළමා අපචාරයකට සම්බන්ධ වෙච්ච කෙනෙකුත් අපේක්ෂකයෙක් විදියට කටයුතු කරනවා. මේක තමයි ජේවීපී එකේ දේශපාලනය. මෙහෙත් ඉන්නවා ටයිල් හොරෙක් අකුරැස්සේ. ඒ බර අවි.

පාරක් හැදුවයි කියලා ඒ පාරෙන් කොමිස් ගැහුවයි කියලා අපේ මන්ත්‍රීවරයගේ චරිතේ ඝාතනය කරනවා. දැන් කියනවා රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් යැව්වා කිව්වා ප්ලේන් එකෙන්.

ඔය කතාවම 2014 කිව්වා ලොරිවල දාගෙන තියලා මැදමුලනේ හංගලා කියලා. එෆ් සී අයි ඩී එක ඇවිල්ලා අපේ දන්න ගෙවල් වලට ගිහිල්ලා අපේ ලැට් වලත් හෑරුවා.  එෆ් සී අයි ඩී එකේ කවුද හිටියේ? සජිත් ප්‍රේමදාස මහත්තයා එකේ හිටියා. අනුර කුමාර දිසානයාක මහත්තයා එකේ හිටියා. අද කරන චෝදනා ටික එහෙම්මම කරලා ඒ අයගේ කමිටුවක් දාගෙන ඒක හෙව්වා. ඒ කරපු පරීක්ෂණ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විදිහට ප්‍රකාශයක් කරනවා රාජපක්ෂවරුන්ගෙ හෝ කිසි කෙනෙක්ගේ පරීක්ෂණ කරා, පිටරට ගිණුම් හොයාගන්න නැහැයි කියලා.

කවුරු හරු කියනවනම් පිටරට තියෙන සල්ලි ගෙනල්ලා මේ රට හදනවා කියලා, ඒ බොරුවට රැවටෙන්න එපා. අපේ සත පණහක් පිටරට නෑ.
ආපු ගමන් විදුලි බිල අඩු කරනවලු. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනනේ. කොහොමද අඩු කරන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගය තමයි බන්දුල ඇමතිතුමා ප්‍රකාශ කළේ ලංකාවේ කීර්තිමත්ම ආර්ථික වර්ධන වේගයක් තිබිච්ච කාල සීමාව.

ප්‍රේමදාස භීෂණේට බය වෙච්චි නැති, ජනතා විමුක්ති පෙරමුණේ භීෂණේට බය වෙච්චි නැති අම්මා තාත්තාගෙ දරුවෝ සමහරක් විට ෆේස්බුක් එකේ කොමෙන්ට් එකට පොඩ්ඩක් බය වෙලා තියෙනවා. නිවන් සුව තමයි පතන්නේ. ඕකට හොඳ උත්තරයක් ජොන්ස්ටන් ඇමතිතුමා දුන්නා. ඉතින් අපි හොරෙක් නම් ඇයි නිවන් සුව පතන්නේ, අපිව අපායට එපැයි යවන්න."