ඉන්දියාවේ රාජාස්ථාන්හි වෛද්‍ය සිසු නේවාසිකාගාරයක සිසුවෙකු නේවාසිකාගාර ගොඩනැගිල්ලේ හයවන මහලෙන් අනපේක්ෂිත ලෙස බිමට වැටෙන බිහිසුණු වීඩියෝ පටයක් එරට සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පැතිර යමින් පවතී.

ඉන්දීය පුවත් ඒජන්සියකට අනුව මෙම හද කම්පා කරවන සිදුවීම සිදුව ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ
කෝචිංනගරි හිය. ගොනැගිල්ලේ 6 වන මහලේ බැල්කනියේ දැල් සහිත බිත්ති ස්ථානයක් හරිහැටි සවිකර නොතිබීමෙන් ඔහු එම බිත්තියට බර තබා සිය පාවහන් පළඳින්නට උත්සාහ දරද්දී නොදැනීම දැල් බිත්තිය සමග ඔහු බිමට කඩා වැටේ.
 නේවාසිකාගාරයේ හයවන මහලෙන් වැටුන සිසුවා බරපතල තුවාල ලබා ලේ ගලමින් වේදනාකාරී ලෙස සිටියදී රෝහල් ගතකළ පසු මියගොස් ඇත.
ඔහු මියයාමේ සිද්ධියේ සජීවී වීඩියෝ කරළියට පැමිණි පසු නේවාසිකාගාරයේ සිසුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූයේ බලධාරීන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වා තිබුණ අඩු සැලකිල්ල ගැනයි.

නේවාසිකාගාරයේ ආරක්ෂක පද්ධතිය පිළිබඳව ඔවුන් විරෝධය පළ කර ඇත.
මියගිය සිසුවා බටහිර බෙංගාලයේ ඉන්සන්ෂු, ජලපායිගුරි හි පදිංචිකරුවෙකි නේවාසිකාගාරයේ නැවතී වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියේය.
 

CCTV below