
ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා විදුලිය කප්පාදු නතර නොකිරීමට හා දින දෙකක් දිගටම විදුලිය දීමට හැකිවීම සඳහා හේතු දක්වා තිබේ. ඒ මෙසේය.
"අපි අනුමාන කළේ ගල් අඟුරු නැති වීම නිසා බලාගාරය වහන්න වෙන නිසා ජනක යන්ත්‍ර පුළුවන් ප්‍රමාණයක් නවත්තලා, අවම වශයෙන් ගල් අඟුරු වලින් ජනනය කරන්නත්, ඒ අවස්ථාවේදී විදුලි සැපයුම යම් ප්‍රමාණයකට තියා ගන්න ඉන්ධන සහ ජලය තමයි පාවිච්චි කළේ.
මේ දරුවන්ගේ විභාගය ආරම්භ වෙන්න කලින් දින වකවානුවල යම් ප්‍රමාණයක ගල් අඟුරු ලැබුණා. නවත්තලා තිබුණු ගල් අඟුරුවලින් විදුලි ජනනය කරන අනිත් ජනක යන්ත්‍රය අපි ඉක්මණින්ම පහුගිය සෙනසුරාදා විභාගය ආරම්භ කරන්න කලින් අපි පටන් ගත්තා.
නමුත් එකවරම ආමාත්‍යංශය විසින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියෙත් නෑ, රුපියලේ අගය අඩු වුනෙත් නෑ එකවරම රුපියල් දෙසිය විස්සක් දක්වා වැඩි කළා. අපිට කිව්වා මීට කළින් අපි ණයට දීලා තියෙන්නෙ ඒවා දෙන්නත් ඕනේ මින් ඉදිරියට බිල් නිකුත් කරන්න ඒ ණය පියවන්නත් ඕනේ කියන තත්වයන් යටතේ තමයි අපි හිටියේ.
පසුගිය දින මහජන කොමිසම් සභාවට අපේ නිලධාරීන් කැඳවලා, අපේ නිලධාරීන් යම් එකඟතාවයකට ඇවිල්ලා තිබුණා විභාගය අවසන් වෙන දින දක්කවා විදුලිය සැපයීමට. නමුත් ඒ තීරණය පසුව වෙනස් වනවා පිටතින් එන බලවේග මත. අපේ නිලධාරීට යම් අපහසුතාවයකට පත් වුණොත් අපි වෘත්තීය සමිති විදිහට අපි ඒ පිළිබඳව මැදිහත් වෙනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval