Under-Secretary-Victoria-Nuland-ranl

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අද (1) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.  එම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා දුෂ්කර කාලවලදී එක්සත් ජනපද රජය ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කළේය. 

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රතිසාධන ප්‍රයත්නයන් සඳහා එක්සත් ජනපද රජයේ සහය ලබා දෙන බවට උප ලේකම් නුලන්ඩ් ප්‍රතිඥා දුන්නාය.



අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය
දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණ ඇති අතර
ඊයේ (31) රාත්‍රී 10.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එතුමිය සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද දූත පිරිස ලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙයි. ඇය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරියද මුණගැසුනාය.